සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 412
කපිඤ්ජර
නා.ප්‍ර. කෑඳැත්තා.
කපිතන්
1. නා.ප්‍ර. යුද බළ ඇණියක හෝ බලකොටුවක නිලධාරියා; අණදෙන නිලධාරියා.
2. නා.ප්‍ර. නැවක් භාරව සිටින නිලධාරියා.
කපිනිද්රාව
නා. (වඳුරු නිද්‍රාව යනු වාච්‍යාර්ථයි) ඇස පියවෙනවාත් සමග ම ඇහැරෙමින් නිදාගන්නා වූ අඩ නින්ද.
කපිරිඤ්ඤ
නා.ප්‍ර. ලංකාවේ ජීවත්වන පෘතුගීසි සහ කාපිරි මිශ්‍ර සම්භවයකින් පැවත එන ජනයා අතර පවතින රංගනය හා මිශ්‍ර වූ ගායනා විශේෂයක්.
කපිල
නා.ප්‍ර. දුඹුරු වර්ණය; ගුරුපාට; රත්රන් පාට.
කපිලෝහ
නා.ප්‍ර. ලෝහ වර්ගයක නාමය; පිත්තල.
කපිශීර්ෂය
1. නා. පැරණි ගෘහවල දොර අගුල වැටීම සඳහා උළුවහු කණුවේ සවි කොට තිබුණු වඳුරු හිසක් වැනි සිදුරක් සහිත ලී උපකරණය.
2. නා. තාප්ප මුදුන; ප්‍රාකාර මස්තකය.
කපු
1. නා. රෙදි විවීමට ගන්නා නූල් සාදන පුළුන්.
2. නා. ඒවා ලබාදෙන ගස.
කපු කටිනවා
ක්‍රි. කපු පුළුන් නූල් බවට පෙරළනවා.
කපුපිළි
නා.ප්‍ර. කපු නූලෙන් වියන ලද රෙදි; කපු වස්ත්‍ර.
කපුවම්
කපුවා
1. නා. දේවාලවල හා තොවිල්වල යාතිකා කිරීම ආදි ආවතේව කරන්නා; දේව මෙහෙවර කන්නා; කපුරාළ.
2. නා. ආවාහ-විවාහ යෝජනා කිරීම වෘත්තිය වශයෙන් කරන තැනැත්තා.
3. නා. දැළි රැවුළු කපන්නා; කරනැවෑමියා; රජුන්, කුමරුන් ආදින්ගේ දැළිරැවුළු කපා නහවා ඇඳුම් ඇන්දවූ තැනැත්තා.
4. නා. දෙපක්ෂයක් අතර සම්බන්ධය ඇති කරන අතරමැදියා.
කපොල
වි. සැලෙන; කම්පාවෙන; කම්පිත.
කපෝත පාලිකා
නා.ප්‍ර. කොබෝ ගෙඩි වළල්ල; විටංකය.
කපෝති
(කථා.) වි. ඉවර; අවසන්; මුළුමනින් ම පැරදුණු; විනාශ වූ.
කපෝතිය
1. නා. කඩදාසි කුට්ටමෙන් සෙල්ලම් කිරීමේ දී වාසි අට ම ජයග්රාහකයාට හිමිවීම; පරාජිතයාට එක වාසියක් හෝ ගත නොහැකි වීම.
2. නා. විනාශය; අවසානය; මරණය.
කපෝල කල්පිතය
නා. තර්කානුකූල නොවූ මතය; බුද්ධි ගෝචර නුවූව; හිතලු කථාව.
කපෝලය
1. නා. කම්මුල; කොපුල් තලය.
2. නා. දෙකම්මුල පිම්බෙන තරම් කට පිරෙන්නට ගත් ද්‍රව්‍යයක ප්‍රමාණය; කටට අල්ලන ප්‍රමාණය.
කඵ
නා.ප්‍ර. සෙම; ශ්ලේෂ්මය.
කඵෝදරය
නා. සෙම් අධික වීම නිසා හට ගන්නා උදර රෝගයක්.
කබ
1. නා.ප්‍ර. ඇසින් පිට වන අපවිත්‍ර දෙය.
2. නා.ප්‍ර. කොටස; කැබැල්ල; අර්ධය.
3. නා.ප්‍ර. අඩ සඳ.
4. නා.ප්‍ර. අතේ පලඳින වළලු විශේෂයක්.
කබන්ධය
1. නා. හිස සුන් මළකඳ.
2. නා. හිස කපන ලද එහෙත් තවමත් ක්‍රියා සහිත වූ මළකඳ.
කබන්ධයා
නා. රාහු ග්‍රහයා.
කබබ
නා.ප්‍ර. වර්ෂා පොළොවෙන් මතු වන රතුපාට කාලයේ කීට වර්ගයක් හෝ පළඟැටි විශේෂයක්; ඉන්දුගෝපකයා; රතිඳුගොව්වා.