සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 411
කප් පට
1. නා. කප් සිටුවා පුද පූජා පැවැත්වීමට දින නියම කොට, කරේ හෝ බාහුවේ බඳවා ගන්නා නූල්පට; කප්නූල.
2. නා. දිරා ගිය රෙදි කැබැල්ල; රෙදි කඩමාල්ල.
කප් රුක
නා. කල්ප වෘක්ෂය.
කප් ලිය
නා. කල්ප ලතාව.
කප්පකන්නී
නා. පුරුෂයකු හා සමග පරස්ත්‍රියක සම්භෝගයෙහි යොදවන ස්ත්‍රිය; කුට්ටනිය.
කප්පම්
1. නා.ප්‍ර. යම් පුද්ගලයකු හෝ වටිනාකමින් යුත් යම් ද්‍රව්‍යයක් පැහැරගෙන නිදහස් කිරීම සඳහා ඒ වෙනුවෙන් මූල්‍යමය හෝ ද්‍රව්‍යමය දෙයක් බලාපොරොත්තුවීම.
2. නා.ප්‍ර. යම් අයෙකුගෙන් බලහත්කාරයෙන් ලබා ගන්නා මූල්‍යමය හෝ ද්‍රව්‍යමය දෙය.
3. නා.ප්‍ර. නතු බව පිළිගැනීම වශයෙන් යටත් රජකු හෝ රජයක් විසින් වෙනත් රජයකට හෝ රජෙකුට ගෙවන මුදල්, භාණ්ඩ යනාදිය.
කප්පර
1. නා.ප්‍ර. මුහුදු යාත්‍රාව; නැව.
2. නා.ප්‍ර. කප්පර යාත්‍රාවක් පුරා පැටවිය හැකි තරම් භාණ්ඩ ප්‍රමාණය.
3. නා.ප්‍ර. විශාල ප්‍රමාණය.
කප්පාදුව
1. නා. කපා හැරීම; අඩු කිරීම.
2. නා. අතුරිකිලි මුල් ආදිය කපා දැමීම; දලු ලෑම සඳහා නියමිත කාලය ඇතුළත තේ ගස් කැපීම.
3. නා. බීජෝත්පාටනය; අණ්ඩ පොඩි කිරීම; කර ඇඹීම.
කප්පාස
නා.ප්‍ර. කපු; කපු පුළුන්.
කප්පාසම්බර
[කප්පාස + අම්බර]
නා.ප්‍ර. කපු පුළුන්වලින් කරන ලද වස්ත්‍රය; කපුපිළිය.
කප්පි කාණ්ඩය
(පාරිභා.) නා. එක් අක්ෂ දණ්ඩක් වටේ කරකැවෙන සේ යොදා ඇති කප්පි සමූහය.
කප්පිත
වි. සිතූ; අපේක්ෂිත; කල්පිත.
කප්පිත්තා
1. නා. නායකයා; ප්‍රධානයා.
2. නා. නැවක් භාර ව සිටින නිලධාරියා; නැව්පතියා.
කප්පිය
නා. දම්වැලක් හෝ කඹයක් යොදා ගැනීමට හැකි පීල්ලක් සහිත දාරයක් ඇති රෝදය; පුලිය; බොලොක්කය.
වි. කැප; සුදුසු; යෝග්‍ය; විනයානුකූල.
කප්පියභාණ්ඩ
නා.ප්‍ර. භික්ෂූන් වහන්සේට ප්‍රයෝජන ගැනීමට කැප බඩු.
කප්පිල්
1. නා.ප්‍ර. මොනර පිහාටුව.
2. නා.ප්‍ර. මොනරා.
කප්පිලි මූට්ටුව
නා. (පෙට්ටි වැනි භාණ්ඩ සෑදීමේ දී) ලෑලි දෙකක් සන්ධි කරන මූට්ටු විශේෂයක්; කට්ට මූට්ටුව.
කපාටය
1. නා. දොර; දොරපලුව.
2. නා. හෘත්කෝෂිකාවෙන් හෘත්කර්ණිකාවට රුධිරය ආපසු ගලා ඒම වළක්වන කොටස.
කපාල කුහරය
(පාරිභා.) නා. හිස්කබල ඇතුළත වූ කුහරය (=cranial cavity).
කපාල කූඩුව
1. නා. හිස්කබල.
2. නා. යකැදුරා දපන කූඩුව.
කපාල කේතුව
නා. අශුභඵල ඇති කරතැයි සැලකෙන වල්ගාතරු විශේෂයක්.
කපාල ස්නායු
(පාරිභා.) නා.බහු. හිස හා සම්බන්ධ ඇස්, කන් ආදි ඉන්ද්රියයන් මොළයට සම්බන්ධ කරන ස්නායු (=cranial nerves).
කපාලය
1. නා. ඉස්කබල; ඔළුකටුව.
2. නා. (ආහාර ආදිය ඉල්ලා ගැනීම සඳහා යාචකයකු ගෙන යන) කඩ කබල.
3. නා. භික්ෂුවකගේ ආහාර ලබාගන්නා පාත්‍රය.
4. නා. ගෙඩි ආදියේ තද පිට කට්ට.
5. නා. කපාල කුෂ්ඨය; හිසේ හට ගැනෙන කුෂ්ඨ රෝගයක්.
6. ප්‍ර. යෙදේ සමබල ඇති දෙදෙනකුගේ එක්වීම සංඛ්‍යාත ගිවිසුම.
කපාලාස්ථි
1. නා.ප්‍ර. ශරීරයේ ඇති පස්වැදෑරුම් වූ ඇට වර්ගවලින් එකක්.
2. (පාරිභා.) නා.ප්‍ර. ඉස්කබල.
කපි
1. නා.ප්‍ර. වඳුරා; වානරයා.
2. නා.ප්‍ර. තුවරලා.