සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 413
කබර
1. නා.ප්ර. ලප; පුල්ලි.
2. නා.ප්ර. හමේ සුදු ලප ඇති වන රෝගයක්.
වි. කබර සහිත.
කබරමාණික්ය
නා.ප්ර. කොරල්; පබළු.
කබල
1. නා. මැටි භාජනය; වළඳ; පාත්රය.
2. නා. ධාන්ය, ඖෂධ ආදිය බැද ගැනීම සඳහා පාවිච්චි කරන භාජනය; සුවඳ දුම් ඇල්ලීම සඳහා එහි අඟුරු දමන භාජනය; දුම් කබල.
3. නා. ඔළු කටුව; ශීර්ෂ කපාලය.
4. නා. ඉදිබු ආදි සතුන්ගේ හෝ බිත්තරවල කටුව; කොස් ඇට ආදි ඇටවල පිට පොත්ත හා පොල් ආදි ගෙඩිවල පිටකටුව.
5. නා. ඉරි තැළුණු අබලන් වළඳ; වළං කැබැල්ල.
6. නා. තුවාලයක් මතුපිට සෑදෙන පොත්ත; කබොල්ල.
7. නා. ගසක් හෝ ලීයක් දිරායෑමෙන් එහි සෑදුණු සිදුර; ගස් බෙණය.
8. නා. අබලන් වූ හෝ ගෙවී ගිය යන්ත්රය හෝ අන් දෙය.
9. නා. එක් වරකට කටට අල්ලන ආහාර ප්රමාණය; අහර කට.
කබලග්රහය
1. නා. විශේෂයෙන් බෙහෙත් වතුරකින් කට හෝ උගුර සේදීම.
2. නා. බර කිරීමට පුරාණයෙහි ගැනුණු කළං තුනක මිම්මක්.
කබල්
1. වි. පරණ වූ.
2. (කථා.) වි. පහත්; නීච.
කබල් කරනවා
ක්රි. කටට අල්ලන ප්රමාණයට කොටස් කරනවා; පිඬු කරනවා.
කබලිකා
1. නා.ප්ර. ඉඟුරු, කුළු බඩු ආදිය විශාල ප්රමාණයක් යොදා සිඳුවා ගත් කෂාය.
2. නා.ප්ර. තුවාලයකට බෙහෙත් දමා උඩින් වසන ඝන රෙදි කැබැල්ල.
කබලිඞ්කාර
වි. කබලු හෙවත් පිඬු වශයෙන් අනුභව කරන.
කබලිඞ්කාර ආහාරය
නා. කබලු හෙවත් පිඬු වශයෙන් බුදින බත් කොමු ආදි ආහාරය; චතුර්විධ ආහාරයන්ගෙන් එකක්.
කබලිය
නා. අඟුරු කබල.
කබලු පූව
නා. පිටිවලින් තනා, තෙලෙන් බැද ගන්නා කැවිලි විශේෂයක්.
කබලේරිය
නා. කෘත්රිමව සාදා ගත් කෙස් වැටිය; බොරු කොණ්ඩය.
කබළිය
නා. ජනේලය; කවුළුව.
කබා අළුව
නා. කබා එල්ලන උපකරණය; කෝට් උඩහල්ල.
කබාකුරුත්තුව
නා. ශ්රී ලංකාවේ නිරිත දිග හා දකුණු දිග මුහුදුබඩ ප්රදේශයන්හි කාන්තාවන් හැඳි උඩුකය ඇඳුම් විශේෂයක්.
කබාය
නා. උරහිසේ සිට දණහිසින් පහතට වැටෙන තරම් වූ දිග කෝට් විශේෂයක්.
කබුක්
නා.ප්ර. නිවර්තන දේශගුණය යටතේ පාෂාණ ජීර්ණය වීමෙන් සෑදෙන රතු පැහැයට හුරු තද මැටි මිශ්ර ගල් වර්ගයක්; ලැටරයිට්.
කබොල්ල
1. නා. මැටි භාජනය; වළඳ; හිඟමන සඳහා පාවිච්චි කරන භාජනය; පාත්රය.
2. නා. ඉදිබු ආදි සතුන්ගේ හෝ බිත්තරවල කටුව; කොස් ඇට ආදියේ පිටපොත්ත; පොල් වැනි ගෙඩිවල පිටකටුව.
3. නා. තුවාලයක් මතු පිට සෑදෙන කටුව.
4. නා. දියාරු උකු දෙයක් මතුපිට හෝ වටේට සෑදෙන පොත්ත.
කම
1. නා. කර්මය; ක්රියාව; වැඩය.
2. නා. කළ යුතු දෙය; මෙහෙවර; කාර්යය.
3.(ව්යාක.) නා. කර්තෘගේ ක්රියාවට යටත් වන පදය.
4. නා. තනතුර; ධුරය; තත්ත්වය.
5. නා. ප්රයෝජනය; අර්ථය; ඵලය.
6. (අභි.) නා. චෛතසිකය මුල් වී කරන කායික, වාචසික හෝ මානසික ක්රියාව.
7. නා. පිළිවෙළ; ක්රමය; අනුක්රමය.
8. නා. සමාව; ක්ෂමාව.
කමණ්ඩලුව
නා. තාපසවරුන් දිය ගෙනයෑමට පාවිච්චි කරන ලබු කැටය හෝ භාජනය; කෙණ්ඩිය.
කමත
1. නා. ගොයම් පෑගීම සඳහා සකස් කළ බිම; කළවිට.
2. නා. වැඩය; කර්මාන්තය; රක්ෂාව.
3. (කථා.) නා. මිනිරන් පතලෙන් උඩට ගන්නා වතුර බාල්දිය හිස්කරන භූමිය; මිනිරන් පතලක දිය බැස යන කාණුව.
4. (ව්යාක.) නා. කර්මාර්ථය.
කමත් මෝල්කඩ
1. නා. කමතට ඇතුළුවන ප්රධාන දොරටුව; කමතට හරකුන් ගන්නා ද්වාරය.
2. නා. කමතේ වතුර බැස යෑමට ඇති මඟ.
කමනවා
ක්රි. ඉවසනවා; සමාව දෙනවා; ක්ෂමා කරනවා.
කමනීය
වි. රුචි කළ යුතු; ආශා කළ යුතු; සතුට ගෙන දෙන.