ක්‍රාන්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. එක් ස්වභාවයක් තවත් ස්වභාවයකට හැරීම; ස්ථානය හෝ තත්ත්වය මාරු වීම; සංක්‍රමණය (=transition).
2. නා. නියම උතුරත්, කොම්පාසුවෙන් දැක්වෙන උතුරත් අතර ඇති කෝණය.
3. නා. යම් ස්ථානයක භූගෝලීය මධ්‍යාහ්න රේඛාවත් චුම්භක මධ්‍යාහ්න රේඛාවත් අතර කෝණය (=declination).
4. නා. ඛගෝල සමකයේ සිට ආකාශ වස්තුවකට ඇති කෝණික දුර.
5. නා. යෑම; ගමන් කිරීම.
6. නා. ඇළ වීම; අවනතිය.
7. නා. හිරු ගේ ගමන් මාර්ගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. declination
2. n. motion
3. Eco. transition