කාප්පය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගොඩනැගිල්ලක වහලේ මුදුන් යටලීය දරා සිටින දාරුමය හෝ අයෝමය කූඩුව.
2. නා. උරහිස් දෙක ම වැසෙන සේ අඳින අත් සහිත කබායක් වැනි ඇඳුම; නිදන විට පෙරවීමට ගන්නා එවැනි ම ඇඳුම.
3. නා. රාජගුරු ප්රසාදිතුමා උත්සවාවස්ථාවල අඳින ලෝගු විශේෂයක්.
4. නා. අල්මාරිවල උඩ හෝ යට ලී කූඩුව.
5. (කථා.) නා. විශේෂයෙන් ළමා සාරියට අඳින සැට්ටයේ කර වටා අල්ලන පළල රැළි පටිය.
6. (කථා.) නා. සුරුට්ටුව ඔතා ඇති පිට දුම් කොළය.