කෝශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කොපුව; පිටවැස්ම; ආවරණය.
2. නා. පුරුෂ නිමිත්ත; පුරුෂ ව්‍යඤ්ජනය.
3. නා. අණ්ඩය; වෘෂණය.
4. (ජ්‍යෝති.) නා. ජන්ම පත්‍රයේ දෙවැනි ස්ථානය; ධනස්ථානය.
5. නා. පසුම්බිය; මල්ල; භස්ත්‍රාව.
6. නා. භාජනය; කරදඬුව; ඔඩම; කුසලාන.
7. නා. භාණ්ඩාගාරය; ධාන්‍යාගාරය; වටිනා වස්තු ආරක්ෂා කර තබන ස්ථානය.
8. නා. ධාන්‍යාගාරය; අටුව; කොටුව.
9. නා. ධනය; වස්තුව; රාජ්‍ය ආදායම.
10. නා. ඇඟිලි පුරුක් වටා බෙහෙත් ගැල්වීම පිණිස යොදන වෙළුම් විශේෂයක්.
11. නා. නිඝණ්ඩුව; අකාරාදිය; ශබ්දකෝෂය.
12. නා. සෛලය; පණ ඇති කුඩා ම වස්තුව.
13. (පාරිභා.) නා. (ඇල්ගී, දිලීර, මීවන වැනි ශාකයක) අලිංගික ප්‍රජනනය සිදුවීම පිණිස ඇති වන, කලලය නැති සෛල වර්ගය; බීජාණුව.
14. නා. දළඹු අවස්ථාවේ දී කීටයකු සිය සිරුර වටා තනා ගනු ලබන වැස්ම.
15. නා. විදුලිය රැස් කර තබන ඒකකයක්; බැටරිය; විද්‍යුත් කෝශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කොපුව; ආවරණය/ ධාන්‍යාගාරය/ භාණ්ඩාගාරය/ නිඝණ්ඩුව; අකාරාදිය (සං. කොෂ, කොශ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. follicle
2. n. repository
3. n. scabbard
4. n. sheath