අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 99
කෝරාළ
නා. කෝරළයක ප්‍රධාන මුලාදෑනියා
කෝලම්
නා.ප්‍ර. පැරණි නාට්‍ය විශේෂයක නාමය/ විකාර ස්වරූපය (දෙ. கோலம்)
කෝලය
නා. උණ විකාර දෙඩවිලි ආදිය ලක්ෂණ කොට ගත් රෝග විශේෂයක්/ බිය සැක නිසා ඇති වන පසුබටතාව (දෙ. கோலை)
කෝලාහල
නා.ප්‍ර. එක විට ඇති වන මහත් ඝෝෂාව/ කලහය (පා. සං. කොලාහල)
කෝලිකුට්ටු
නා.ප්‍ර. කෙසෙල් වර්ගයක නාමය
කෝෂය
නා. කොපුව; ආවරණය/ ධාන්‍යාගාරය/ භාණ්ඩාගාරය/ නිඝණ්ඩුව; අකාරාදිය (සං. කොෂ, කොශ)
කෝෂ්ඨය
නා. අග්න්‍යාශය/ කුස; කුක්ෂිය/ ශරීරය; කය/ ධාන්‍යාගාරය/ භාණ්ඩාගාරය (සං. කොෂ්ඨ)
කෝෂ්ඨාගාරය
නා. වස්තුව ගබඩා කරන ආරක්ෂිත ගෘහය (සං. කොෂ්ඨාගාර)
කෝෂිකාව
නා. හෘදයේ කුටීරයක් (සං. කොෂ)
කෞටිල්‍ය
නා.ප්‍ර. අර්ථ ශාස්ත්‍රය නම් ප්‍රසිද්ධ ග්‍රන්ථය රචනා කළ චාණක්‍ය මුනිවරයා (සං. කෞටිල්‍ය)
කෞතුක
වි. කුහුල දනවන; ආශ්චර්යවත්/ විවාහ මංගල්‍යයට අයත් (සං. කෞතුක)
කෞතුක භාණ්ඩ
නා.ප්‍ර. කුතුහලය දනවන පැරණි වස්තු
කෞතුකාගාරය
නා. පෞරාණික වූත් ඓතිහාසික වූත් වස්තු තැන්පත් කර ප්‍රදර්ශනයට තබා ඇති ස්ථානය; කටුගෙය (සං. කෞතුකාගාර)
කෞමාරභෘත්‍යය
නා. කුමාර චිකිත්සාව; ළමා රෝග වෛද්‍ය කර්මය (සං. කෞමාරභෘත්‍ය)
කෞරව
නා. කුරු රටට සම්බන්ධ වූවන්ගෙන් පැවතෙන වංශය (සං. කෞරව)
කෞශල්‍යය
නා. කුසලතාව; නිපුණතාව (සං. කෞශල්‍ය)
කෞස්තුභ පාෂාණය
නා. කොතබු මැණික; විෂ්ණුගේ ළය මත ඇතැයි සැලකෙන මැණික (සං. කෞස්තුභපාෂාණ)
ඛගෝලය
නා. අභ්‍යවකාශය (සං. ඛගොල)
ඛඞ්ගය
නා. කඩුව; කග (සං. ඛඞ්ග)
ඛණ්ඩනය
නා. කැබලිවලට කැඩීම (සං. ඛණ්ඩන)
ඛණ්ඩය
නා. කොටස; කැබැල්ල (සං. ඛණ්ඩ)
ඛණ්ඩාංක
නා.ප්‍ර. එක ම තලයක පිහිටා එකිනෙකින් කැපෙන අක්ෂවල සිට ඕනෑ ම ලක්ෂ්යයකට ඇති දුර ප්‍රමාණය
ඛණ්ඩිකාව
නා. ඉදිරියට නෙරා තිබෙන කොටස/ අක්මාවේ බෙදීම් පහෙන් එකක්/ මොළයේ බෙදීම්වලින් එකක්/ පත්‍රයක් බෙදී ඇති කොටස්වලින් එකක්
ඛනිජ තෙල්
නා.ප්‍ර. පොළොවෙන් ලබාගන්නා පෙට්‍රල් ආදි හයිඩ්‍රොකාබන් බහුල තෙල්