කෝෂ්ඨාගාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රන්, රුවන්, මුතු ආදී අගනා ධනය රැස්කොට තබන ආරක්ෂක ගෘහය; කොටුගුළ; භාණ්ඩාගාරය; ධනාගාරය.
2. නා. ධාන්‍යවර්ග රැස් කර තබනු ලබන ගබඩාව; අටුව; කොටුගෙය; ධාන්‍යාගාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වස්තුව ගබඩා කරන ආරක්ෂිත ගෘහය (සං. කොෂ්ඨාගාර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. granary
2. Aes. repository
3. n. store
4. n. treasure house