සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 535
කෝෂස්ථානය
නා. (ජ්යෝති.) ජන්මියාගේ ධනය ගැන තොරතුරු දක්වතැයි ජ්යෝතිෂයේ සඳහන් වන ජන්ම පත්රයේ දෙවැනි ස්ථානය.
කෝෂ්ඨ කීටයා
(පාරිභා.) නා. කෝෂ අවස්ථාවේ සිටින පටිපණුවා; තරල පිරි ආශයක් ලෙස වැඩෙන පරපෝෂිතයා; සාශය පණුවා (=bladder worm).
කෝෂ්ඨදාහය
(පාරිභා.) නා. මූත්රාශය ඉදිමීම නිසා ඇති වන රෝගයක්; මූත්රාශ ප්රදාහය(=cystitis).
කෝෂ්ඨපුංජය
(පාරිභා.) නා. මූත්රාශයෙහි හටගන්නා රෝගයක්; මූත්රාශ හර්නියාව (=cystocele).
කෝෂ්ඨය
1. නා. ශරීරය ඇතුළත පිහිටි ද්රාවයෙන් හෝ වාතයෙන් පිරි පටලමය කෝෂය.
2. නා. ශරීරය ඇතුළත ස්රාවය වන ගිලන් ද්රව්ය රැස් වී එකතු වන අසාමාන්ය මලු විශේෂයක් (=cyst).
3. නා. ශරීරය; සිරුර; කය.
4. නා. ධාන්යාගාරය; අටුව.
5. නා. වටිනා වස්තුව රැස් කර තබන ස්ථානය; භාණ්ඩාගාරය.
6. නා. ඇමීබා රෝගය වැළඳි තැනැත්තා මල මූත්රා සමග පහ කරන ද්රව්යයක්.
7. නා. ප්රාකාරයකින් වට කරන ලද ආරක්ෂිත ප්රදේශය; කොටුව; බලකොටුව.
8. නා. කොටුවක හැඩය ගන්නා රේඛාමය සටහන.
9. නා. පරාගධානියක හෝ ඩිම්බකෝෂයක හෝ ආවාරය.
කෝෂ්ඨවාතය
නා. බඩ පුරවා දැමීමට හේතුවන වායුව; උදර වාතය.
කෝෂ්ඨාග්නිය
නා. කුසට ගත් ආහාර දිරවීමට හේතුකාරක වන අග්නිමය පදාර්ථය; ජඨරාග්නිය; ජඨරාසවය; බඩගින්න.
කෝෂ්ඨාගාරය
1. නා. රන්, රුවන්, මුතු ආදී අගනා ධනය රැස්කොට තබන ආරක්ෂක ගෘහය; කොටුගුළ; භාණ්ඩාගාරය; ධනාගාරය.
2. නා. ධාන්යවර්ග රැස් කර තබනු ලබන ගබඩාව; අටුව; කොටුගෙය; ධාන්යාගාරය.
කෝෂිකා
නා. හෘදයේ කුටීර හතරින් පහළින් පිහිටි කුටීර දෙක.
කෝසජ්ජය
නා. කුසීතබව; යහපත් ක්රියා කිරීමට ඇති මැළිකම; කුසල ධර්මයෙහි හීන වූ වීර්යය.
කෝසය
1. නා. (රාජ්ය) භාණ්ඩාගාරය.
2. නා. (කඩු ආදිය බහාලන) කොපුව.
3. නා. භාජනය.
4. නා. පුරුෂ නිමිත්ත.
5. නා. අණ්ඩය.
6. නා. මල් කැකුළ.
7. නා. දුනු පන්සීයක පුරාණ මිම්මක්; ගවුව.
කෝසල්ලය
නා. නිපුණබව; කුසලතාව; ශූරත්වය; කාර්යක්ෂමභාවය; කෞශල්යය.
කෝස්ටික් සෝඩා
(පාරිභා.) නා.ප්ර. ජලයෙහි පහසුවෙන් දිය වෙන සුදුපාටින් යුත් දාහක (NaOH) සෝඩියම් හයිඩ්රොක්සයිඩ් (=caustic soda).
කෝසිකයා
නා. වටකුරු මුහුණක් සහ ඇස් ඇති නිශාචර පක්ෂියෙක්; බකමුහුණා; උලූකයා.
කෝසිය
1. නා. ශක්ර දෙවි.
2. නා. පටපණුවාගේ කෝෂයෙන් ගනු ලබන නූල් විශේෂයක්; පටනූල්; තිහිරිහූ.
3. (කථා.) නා. මසුන් ඇල්ලීමේ දී දැල් මඩිය ශක්තිමත් වනු පිණිස ලණුවලින් සාදා දමන ආරක්ෂක දැල.
කෝසෙය්ය
1. නා.ප්ර. කෝසීය නූලෙන් වියන ලද වස්ත්රය; තිහිරිපිළි.
2. නා.ප්ර. තිහිරි හුයෙන් කළ ඇතිරිය.
කෝහඤ්ඤය
නා. තමා තුළ නැති ගුණ ඇතිබව ඇඟවීම; කුහකකම.
කෝහල
නා.ප්ර. යව නම් ධාන්යයෙන් සාදනු ලබන මද්යපාන වර්ගයක්.
කෝහුමාහු
නා.ප්ර. කලබලය; කෑකෝ ගැසීම.
කෝළාපය
නා. දිරා ගොස් තැනින් තැන සිදුරු ඇති ව පවතිමින් සුළං වැදෙන විට හඬ නගන ගස.
කෝළාරුව
නා. වරද; දෝශය.
කෞඞ්කුම
නා.ප්ර. කොකුම් පොවන ලද රෙද්ද.
කෞතුක
1. වි. කුහුල දනවන; කුතුහලය ඇති කරවන; පුදුම උපදවන; අද්භූත.
2. වි. විවාහය හා සම්බන්ධ.
කෞතුක මංගල්යය
නා. විවාහයට පෙර මනාලියගේ අතේ කෞතුකය හෙවත් මඟුල්හුය බැඳීම ආදියෙන් පවත්වනු ලබන මංගලෝත්සවය.