සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 534
කෝව
1. නා. ලෝහ උණු කිරීම සඳහා අධික තාපයට ඔරොත්තු දෙන සේ සාදාගැනෙන මැටි බඳුන.
2. නා. ඖෂධ පුළුස්සන මැටි භාජනය; රසායනාගාර පරීක්ෂණවල දී ක්ෂාර විලින කිරීමටත් ජ්වලනය කිරීමටත් භාවිත කරන කුඩා බඳුන; තුත්ත; මූෂාව.
3. නා. දුම්පානය සඳහා භාවිත කැරෙන පයිප්පය.
කෝවංගුව
නා. (කහතෝරමල්ලි) මැණිකක දීප්තියත් අගයත් අඩු කරන දුමාර ගතිය හෙවත් අඳුරු පැහැය.
කෝවක්කා
නා. ඉතා රතු පැහැයට ඉදෙන කුඩා දිගැටි ඵල දරන වැලක්; බිඹු; කෙම්වැල.
කෝවානම
(කථා.) නා. (ධීව.) ඔරුවේ අත් යොතේ බැඳි රුවල උස් පහත් කිරීමට කුඹගස මුදුනේ සවි කොට ඇති දැවමුවා කප්පිය.
කෝවිච්චි වෙනවා
(කථා.) බොරුවට තරහ වෙනවා.
කෝවිද
වි. හසල බුද්ධියෙන් යුත්; ප්‍රවීණ; දක්ෂ; විචක්ෂණ.
කෝවිල
නා. හින්දු දේව වන්දනාව සඳහා වෙන් වුණු සිද්ධස්ථානය; හින්දු දේවාලය.
කෝවිලාන
(කථා.) නා. විශාල ගස් සහිත වූ ද සීරාව පවත්නා වූ ද භූමි භාගය; දිය සීරාව ඇති මූකලාන.
කෝවේ
නා.ප්‍ර. කුඩා වීථිය; පටු වීදිය; පටුමඟ.
කෝශකාර
1. වි. පිලා අවස්ථාවේ දී කෝෂයක් තනා ගන්නා; කීටාවස්ථාවේ දී කෝෂයක වසන.
2. වි. කෝෂ ග්රන්ථයක් නිෂ්පාදනය කරන; කෝෂ ග්‍රන්ථයක සම්පාදකයා වන.
කෝශකාරයා
1. නා. (නිඝණ්ඩු, ශබ්දකෝෂ, විශ්වකෝෂ ආදි) කෝෂ ග්රන්ථ සම්පාදනය කරන්නා.
2. නා. කීටාවස්ථාවේ පසු වන කෘමියා; කෝෂාවස්ථාවෙහි පිලවා.
කෝශකාව්යය
නා. එකිනෙකට සම්බන්ධ නොවූ විවිධ මාතෘකා අනු ව ලියන ලද කවි පංතිවලින් යුත් කාව්‍ය සංග්‍රහය.
කෝෂ ග්‍රන්ථය
නා. නිඝණ්ඩුව; අකාරාදි ග්‍රන්ථය.
කෝෂ න්‍යෂ්ටිය
නා. ජීව සෛලයක ප්ලාස්මයේ ගිලී පවතිමින් එහි සියලු ම ක්‍රියාකාරිත්වය පාලනය කරන ඉතා ම වැදගත් කේන්ද්‍රීය කොටස.
කෝෂ ප්‍රදේශය
නා. පටපණුවා කීටාවස්ථාවේ දී තමන් වටා පටනූලින් වියාගන්නා කොපුව; පටප ණු කෝෂය.
කෝෂ විද්‍යාව
නා. අකාරාදි හෙවත් ශබ්දකෝෂ වැනි කෝෂග්‍රන්ථ සම්පාදනය කිරීම පිළිබඳ ශාස්ත්‍රය.
කෝෂගෘහය
නා. (මුතුමැණික් රන් රිදී ආදි) වටිනා වස්තුවල ආරක්ෂාව සඳහා යොදනු ලබන ගොඩනැගිල්ල; භාණ්ඩාගාරය; බැංකුව.
කෝෂච්ඡේදය
නා. අණ්ඩකෝෂය කපා දැමීම හෝ අක්‍රිය කිරීම; කර ඇඹීම; බීජෝද්ධරණිය.
කෝෂනාලය
නා. මහා පිත්ත නාලය හෙවත් යකෘත්ය නාලය; පිත්ත කෝෂයට සම්බන්ධ කරන නාලය.
කෝෂපති
නා.ප්‍ර. භාණ්ඩාගාරය භාර ව සිටින නිලධාරියා; රාජ්‍ය භාණ්ඩාගාරික.
කෝෂය
1. නා. කොපුව; පිටවැස්ම; ආවරණය.
2. නා. පුරුෂ නිමිත්ත; පුරුෂ ව්‍යඤ්ජනය.
3. නා. අණ්ඩය; වෘෂණය.
4. (ජ්‍යෝති.) නා. ජන්ම පත්‍රයේ දෙවැනි ස්ථානය; ධනස්ථානය.
5. නා. පසුම්බිය; මල්ල; භස්ත්‍රාව.
6. නා. භාජනය; කරදඬුව; ඔඩම; කුසලාන.
7. නා. භාණ්ඩාගාරය; ධාන්‍යාගාරය; වටිනා වස්තු ආරක්ෂා කර තබන ස්ථානය.
8. නා. ධාන්‍යාගාරය; අටුව; කොටුව.
9. නා. ධනය; වස්තුව; රාජ්‍ය ආදායම.
10. නා. ඇඟිලි පුරුක් වටා බෙහෙත් ගැල්වීම පිණිස යොදන වෙළුම් විශේෂයක්.
11. නා. නිඝණ්ඩුව; අකාරාදිය; ශබ්දකෝෂය.
12. නා. සෛලය; පණ ඇති කුඩා ම වස්තුව.
13. (පාරිභා.) නා. (ඇල්ගී, දිලීර, මීවන වැනි ශාකයක) අලිංගික ප්‍රජනනය සිදුවීම පිණිස ඇති වන, කලලය නැති සෛල වර්ගය; බීජාණුව.
14. නා. දළඹු අවස්ථාවේ දී කීටයකු සිය සිරුර වටා තනා ගනු ලබන වැස්ම.
15. නා. විදුලිය රැස් කර තබන ඒකකයක්; බැටරිය; විද්‍යුත් කෝශය.
කෝෂස්ථ
වි. කෝෂය තුළ වාසය කරන; කෝෂාවස්ථාවෙහි වන.
කෝෂස්ථයා
නා. අන්දම් මාරුවීම පිණිස කෝෂය තුළට වී සිටින කීටයා; කෝෂ කෘමියා.