කෝසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කොපුව; පිටවැස්ම; ආවරණය.
2. නා. පුරුෂ නිමිත්ත; පුරුෂ ව්යඤ්ජනය.
3. නා. අණ්ඩය; වෘෂණය.
4. (ජ්යෝති.) නා. ජන්ම පත්රයේ දෙවැනි ස්ථානය; ධනස්ථානය.
5. නා. පසුම්බිය; මල්ල; භස්ත්රාව.
6. නා. භාජනය; කරදඬුව; ඔඩම; කුසලාන.
7. නා. භාණ්ඩාගාරය; ධාන්යාගාරය; වටිනා වස්තු ආරක්ෂා කර තබන ස්ථානය.
8. නා. ධාන්යාගාරය; අටුව; කොටුව.
9. නා. ධනය; වස්තුව; රාජ්ය ආදායම.
10. නා. ඇඟිලි පුරුක් වටා බෙහෙත් ගැල්වීම පිණිස යොදන වෙළුම් විශේෂයක්.
11. නා. නිඝණ්ඩුව; අකාරාදිය; ශබ්දකෝෂය.
12. නා. සෛලය; පණ ඇති කුඩා ම වස්තුව.
13. (පාරිභා.) නා. (ඇල්ගී, දිලීර, මීවන වැනි ශාකයක) අලිංගික ප්රජනනය සිදුවීම පිණිස ඇති වන, කලලය නැති සෛල වර්ගය; බීජාණුව.
14. නා. දළඹු අවස්ථාවේ දී කීටයකු සිය සිරුර වටා තනා ගනු ලබන වැස්ම.
15. නා. විදුලිය රැස් කර තබන ඒකකයක්; බැටරිය; විද්යුත් කෝශය.
1. නා. (රාජ්ය) භාණ්ඩාගාරය.
2. නා. (කඩු ආදිය බහාලන) කොපුව.
3. නා. භාජනය.
4. නා. පුරුෂ නිමිත්ත.
5. නා. අණ්ඩය.
6. නා. මල් කැකුළ.
7. නා. දුනු පන්සීයක පුරාණ මිම්මක්; ගවුව.