කෝෂ්ඨය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශරීරය ඇතුළත පිහිටි ද්‍රාවයෙන් හෝ වාතයෙන් පිරි පටලමය කෝෂය.
2. නා. ශරීරය ඇතුළත ස්‍රාවය වන ගිලන් ද්‍රව්‍ය රැස් වී එකතු වන අසාමාන්‍ය මලු විශේෂයක් (=cyst).
3. නා. ශරීරය; සිරුර; කය.
4. නා. ධාන්‍යාගාරය; අටුව.
5. නා. වටිනා වස්තුව රැස් කර තබන ස්ථානය; භාණ්ඩාගාරය.
6. නා. ඇමීබා රෝගය වැළඳි තැනැත්තා මල මූත්‍රා සමග පහ කරන ද්‍රව්‍යයක්.
7. නා. ප්‍රාකාරයකින් වට කරන ලද ආරක්ෂිත ප්‍රදේශය; කොටුව; බලකොටුව.
8. නා. කොටුවක හැඩය ගන්නා රේඛාමය සටහන.
9. නා. පරාගධානියක හෝ ඩිම්බකෝෂයක හෝ ආවාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අග්න්‍යාශය/ කුස; කුක්ෂිය/ ශරීරය; කය/ ධාන්‍යාගාරය/ භාණ්ඩාගාරය (සං. කොෂ්ඨ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cyst
2. Bot. loculament
3. Bot. locule
4. Aes. repository
5. n. store