අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 98
කොමිෂන් සභාව
නා. විශේෂ පරීක්ෂණ මණ්ඩලය/ පරිපාලන මණ්ඩලය (ඉං. commission)
කොමිසම
නා. කොමිෂන් සභාව
කොරල
නා.ප්‍ර. කොරපොතු
කොරල්ගල්
නා.ප්‍ර. කොරල් නමැති සමුද්‍ර ජීවි විශේෂයක් දිරා යාමෙන් හා ඔවුන්ගේ ස්‍රාව ද්‍රව්‍ය ඝන වීමෙන් සෑදුණු ගල්; හිරිගල්
කොලනිය
නා. අධිරාජ්‍යයකින් පාලනය වන යටත් විජිතය/ අලුත් ජනපදය (ඉං. colony)
කොලරය
නා. කමිස ආදියෙහි කරපටිය (ඉං. collar)
කොලරාව
නා. පාචන රෝගයක නාමය (ඉං. cholera)
කොල්ලය
නා. බලෙන් පැහැර ගැනීම (දෙ. கொள்ளை කෙ. කොල්ල)
කොල්ලෑව
නා. ඔරුවක සමබරතාව රැකගැනීම සඳහා එක් පැත්තකින් සවි කරනු ලබන දඬු කඳ/ කුඩා ඔරුව
කොලු
නා.ප්‍ර. කොල්ලා
කොවුලා
නා.ප්‍ර. පක්ෂියකුගේ නාමය (පා. සං. කොකිල)
කොහිල
නා.ප්‍ර. වගුරු බිම්වල වැවෙන කටු සහිත පැළෑටියක නාමය
කොළපත
නා. වෘක්ෂලතාදියෙහි පත්‍රය/ පුවක් අත්තෙහි ගසට සම්බන්ධ වන කොටස
කොළපුව
නා. කැකුළු පොල් මල ආවරණය කරන කෝෂය/ මල් කැකුළක් ආවරණය කරන මණිපත්‍ර කොපුව
කොළඹ
නා.ප්‍ර. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ නගරය/ තීර්ථය (පා. කොළම්බ)
කොළය
නා. ගස්වැල්වල පත්‍රය/ කඩදාසිය/ කපා එක්රැස් කළ ගොයම් ගොඩ
කොළොප්පම
නා. කවටකම (දෙ. குழப்பம்)
කොළොඹුව
නා. වාඩිවීමට ගන්නා ලී කොට කෑල්ල/ මස් කැපීම ආදියට භාවිත කරන ලී කොටය
කෝකිල
නා.ප්‍ර. කොවුලා (පා. සං. කොකිල)
කෝණමානය
නා. කෝණයක් සටහන් කිරීමට හෝ මැන බැලීමට හෝ ගන්නා උපකරණය
කෝණය
නා. මුල්ල/ දිශාව; පැත්ත; දිග/ කක්ෂය/ සිංහල අවුරුදු සංක්‍රාන්තිය (පා. සං. කොණ)
කෝපාවිෂ්ට
වි. කෝපයෙන් මැඬුණු
කෝමල
වි. කොමල
කෝරළය
නා. පැරණි ලංකාවේ පාලන ඒකකයක්