අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 97

කොක්කනි මල්ල

නා. වැඩිමහල්ලකු විසින් කුඩා ළමයකුගේ අත් දෙක ගෙල වටා බැඳ දෙපය හිරකර කරපිට හෝ පිට උඩ හෝ තබාගෙන යෑම

කොටගුළ

නා. ධාන්‍ය ආදිය සුරක්ෂිත කොට තැබීමට සෑදූ ගෙය (පා. කොට්ඨාගාර සං. කොෂ්ඨාගාර)

කොටහළුව

නා. මල්වර වීම

කොටළුවා

නා. සිවුපා සතකුගේ නාමය

කොට්ඨාස කාර්යාලය

නා. ප්‍රාදේශීය කාර්යාලය

කොට්ඨාසය

නා. භාගය; කොටස/ නිශ්චිත ව වෙන් කළ පරිපාලන ප්‍රදේශය (පා. කොට්ඨාස)

කොඩිවිනය

නා. කෙනකුට විපතක් කිරීම සඳහා කරන මන්ත්‍ර ගුරුකම

කොණ්ඩඤ්ඤ

නා.ප්‍ර. සූවිසි බුදුවරුන් අතුරෙන් එක නමකගේ නාමය/ මහරහතන් වහන්සේ නමකගේ නාමය (පා. කොණ්ඩඤ්ඤ)

නා. කේශ කලාපය; කෙස් වැටිය/ හිසෙහි කෙස් එක් කොට බැඳි ගැටය (දෙ. கொண்டை)

කොණ්ඩි පට්ටම

නා. ඉබි යතුරක් දැමීමට දොර-පෙට්ටගම් ආදියට සවි කරන ලෝහ පට්ටම් කැබැල්ල හා පුඩුව

කොණ්ඩුව

නා. මුදුන (දෙ. குண்டு)

කොඬොල

නා. කුණ්ඩලාභරණය (පා. සං. කුණ්ඩල)

කොතල

නා.ප්‍ර. හිසකෙස් (පා. සං. කුන්තල)

කොතළය

නා. කෙමියක් සහිත කුඩා කළය

කොන

නා. මුල්ල; කෝණය/ කෙළවර; අන්තය (පා. සං. කොණ)

කොන්තය

නා. හෙල්ල; තෝමරය (පා. සං. කුන්ත)

කොනිත්තනවා

ක්‍රි. නියපොතුවලින් රිදෙන්න අල්ලනවා/ කෙනෙහිලිකම් කරනවා

කොඳු ඇටපෙළ

නා. කොඳු නාරටිය; කශේරුකාව

කොඳුරනවා

ක්‍රි. සිහින් හඬින් කතා කරනවා

කොඳුළ

වි. කොඳුරන ලද

කොපමණ

නා. කවර තරම; කොයි තරම

කොපුල

නා. කම්මුල (පා. සං. කපොල)

කොමල

වි. මෘදු; මොළොක් නා.ප්‍ර. ඉඟිබිඟිය (පා. සං. කොමල)

කොමියුනිස්ට්

නා.ප්‍ර. දේශපාලන මතවාදයක් (ඉං. communist)