අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 96
කෙළිලොල්
වි. ක්‍රීඩාවට කැමැති
කෙළෙඹියා
නා. ගෙහිමියා/ පවුලක් ඇති තැනැත්තා/ ධනවතා (පා. කුටුම්බික)
කෙළෙහිගුණ
නා.ප්‍ර. කෘතෝපකාර ගුණය
කේඬෑරි
වි. සිහින්; කෙට්ටු
කේතුධර
වි. කේතුවක ආකාර ගත් වෘක්ෂ ඇති
කේතුමාලාව
නා. රශ්මි මාලාව (පා. කෙතුමාලා)
කේන්ද්‍රය
නා. මධ්‍ය ලක්ෂ්‍යය/ හදහන (සං. කෙන්ද්‍ර)
කේන්ද්‍රස්ථානය
නා. මධ්‍යස්ථානය; වැදගත් තැන
කේන්ද්‍රාපසාරී
වි. කේන්ද්‍රයෙන් පිටතට නැඹුරු වූ
කේන්ද්‍රාභිසාරී
වි. කේන්ද්‍රය කරා යන
කේරළය
නා. ඉන්දියාවේ ප්‍රදේශයක නාමය (දෙ. கேரளம்)
කේලාම්
නා.ප්‍ර. ඔවුනොවුන් බිඳවන වචන; පිසුනු බස්
කේවල
වි. හුදු; තනි (පා. සං. කෙවල)
කේශ
නා.ප්‍ර. හිස කෙස් (සං. කෙශ)
කේශ කලාපය
නා. කෙස් වැටිය (සං. කෙශකලාප පා. කෙසකලාප)
කේශ නාලිකාව
නා. සියුම් රුධිරවාහිනිය
කේශකම්බල
නා.ප්‍ර. කේසකම්බල
කේශකල්යාණය
නා. මනෝඥ වූ කෙස් වැටිය (පා. කෙසකල්යාණ)
කේශර
නා.ප්‍ර. මල්රේණු/ සිංහයා (පා. කෙසර සං. කෙශර)
කේශාන්තය
නා. හිසකෙස් වැටිය ආරම්භ වන සීමාව (සං. කෙශාන්ත)
කේසකම්බල
නා.ප්‍ර. හිසකෙස්වලින් කළ පොරෝනාව (පා. කෙසකම්බල)
කේසර
නා.ප්‍ර. කේශර
කෛරාටික
වි. කපටි (පා. කෙරාටික සං. කෛරාටික)
කෛලාසකූටය
නා. හිමාලයේ ඇතැයි සැලකෙන පළිඟුවන් පර්වතයක නාමය