අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 95

කෙණ්ඩිය

නා. කෙමියක් පියන් පතක් සහිත පැන් භාජනය (දෙ. கெண்டி)

කෙණෙර

නා.ප්‍ර. ඇතින්න (පා. කණෙරු සං. කරෙණු)

කෙණෙස්ස

නා. හැන්ද (පා. සං. කටච්ඡු)

කෙණෙහි

ක්‍රි.වි. මොහොතෙහි; ඇසිල්ලෙහි (සං. ක්‍ෂණ)

කෙනහිලි

නා.ප්‍ර. සිත් රිදවීම; ඇනුම් බැණුම්

කෙලෙසනවා

ක්‍රි. කිලුටු කරනවා; නරක් කරනවා

කෙලෙස්

නා.ප්‍ර. සිත කිලිටි කරන චෛතසික ධර්ම (පා. කිලෙස සං. ක්ලෙශ)

කෙවිලිය

නා. කොවුලාගේ ගැහැනු සතා

කෙවුළා

නා. ධීවරයා (පා. කෙවට්ටක)

කෙවෙනිය

නා. ඇස පිහිටා ඇති වළ

කෙසඟ

වි. සිහින්; කෙට්ටු

කෙසර

නා.ප්‍ර. සිංහයා (පා. සං. කෙසර සං. කෙශර)

කෙහෙලි

නා.ප්‍ර. කොඩිය; ධජය; පතාකය

කෙළ

1. නා. මුඛයෙන් ස්‍රාවය වන ද්‍රවය (පා. ඛෙළ සං. ඛෙට) 2. අග; අන්තය/ කෝටිය (පා. සං. කොටි) 3. ක්‍රීඩාව (පා. කීළා සං. ක්‍රීඩා)

කෙළ සුවහස

නා. කෝටි සියක් දහස; කෝටි ලක්ෂය (පා. කොටිසතසහස්ස)

කෙළතොලු

වි. මෝඩ; අඥාන

කෙළනවා

ක්‍රි. ක්‍රීඩා කරනවා/ රඟනවා/ පහර දෙනවා (පා. කීළති සං. ක්‍රීඩති)

කෙළපැමිණි

වි. පරතෙරට ගිය; කෝටිප්‍රාප්ත

කෙළවර

නා. අන්තය; අවසානය

කෙළිදෙළ

නා. ක්‍රීඩා ලෝලත්වය

කෙළිනළු

නා.ප්‍ර. කෙළි සෙල්ලම්

කෙළිබිම

නා. ක්‍රීඩා භූමිය

කෙළිමඬල

නා. ක්‍රීඩා භූමිය

කෙළිය

නා. විනෝදය හා ප්‍රීතිය ගෙන දෙන ක්‍රියාව (පා. කීළා සං. ක්‍රීඩා)