කෝලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දැව දඬු උණගස් ආදිය එකට බැද තැනූ යාත්‍රාව; පහුර; උඩුපය.
2. නා. උකුළ; ඇකය.
3. නා. ඖෂධ ආදියෙහි බර කිරීම සදහා භාවිත වූ පැරණි මිම්මක්.
4. නා. ඛණිජ ද්‍රව්‍යයක්; මිනිරන්.
5. නා. උණ, විකාර, දෙඩවිලි ආදිය ලක්ෂණ කොට ඇති සන්නිපාත රෝග විශේෂයක්.
6. නා. ලජ්ජාශීලිභාවය; චකිතය; කුලෑටිකම; බයාදුකම.
7. නා. නිකරුණේ සිනාසීම හෝ ඇඬීම ලක්ෂණ කොට ඇති මානසික රෝගයක්; හර්ෂෝන්මාදය (=hysteria).
8. නා. ආයුධයක්; කුන්තායුධය; තෝමරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උණ විකාර දෙඩවිලි ආදිය ලක්ෂණ කොට ගත් රෝග විශේෂයක්/ බිය සැක නිසා ඇති වන පසුබටතාව (දෙ. கோலை)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. haunch
2. Soc. nervousness
3. Soc. shyness