අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 100
ඛනිජ ලවණ
නා.ප්ර. ශරීරයේ පැවැත්මට අවශය යකඩ, කැල්සියම් ආදි අකාබනික ලවණ
ඛනිජය
නා. පොළොව කැණ ලබා ගත් අකාබනික ද්රව්යය (සං. ඛනි+ජ)
ඛරෝෂ්ටි
නා.ප්ර. ක්රි.පූ. 1 වැනි සියවසේ වයඹදිග ඉන්දියාවේ භාවිත වූ භාෂාවක් (සං. ඛරොෂ්ටි)
ඛාදනය
නා. කෑම; ආහාරය/ සෝදා පාළුව (පා. සං. ඛාදන)
ඛාද්යය
නා. කැබලිවලට කඩා අනුභව කරන කෑම (සං. ඛාද්ය)
ඛීණාසව
නා.ප්ර. රහතන් වහන්සේ (පා. ඛීණාසව)
ඛීලය
නා. උල (පා. සං. ඛීල)
ඛුද්දක පාඨය
නා. ඛුද්දක නිකායට අයත් පළමුවැනි ග්රන්ථයේ නාමය (පා. ඛුද්දකපාඨ)
ඛුද්දික
වි. කුඩා; ක්ෂුද්ර (පා. ඛුද්දක)
ඛේට ග්රන්ථිය
නා. කෙළ උපදවන ග්රන්ථිය
ඛේටය
නා. මුඛයෙන් ස්රාවය වන කෙළ (සං. ඛෙට)
ඛේද
නා.ප්ර. දුක; දොම්නස (පා. සං. ඛෙද)
ඛේදජනක
වි. දුක් දනවන
ඛේදවාචකය
නා. දුක්ඛදායක සිදුවීම
ඛේදාන්ත
වි. දුක්ඛදායක අන්තයක් ඇති
ගංකණ්ඩිය
නා. ගඟ දෙපස ගැටිය; ගං ඉවුර
ගංකොළය
නා. කොළපත
ගංගා
නා.ප්ර. ගඟ; නදිය (පා. සං. ගඞ්ගා)
ගංගා පරිවහනය
නා. ගඟෙන් සිදු කරන ප්රවාහනය
ගංගාධාරය
නා. ද්රෝණිය; ගංගා නිම්නය
ගංගාරෝහණ වර්ණනාව
නා. මාතර යුගයේ කාව්ය ග්රන්ථයක නාමය
ගංදියළු
නා.ප්ර. ගංගා, නිම්න ආදියෙහි තැන්පත් වන වැලි, පස් ආදිය
ගංදෙණිය
නා. ගංගා නිම්නය
ගංමළුව
නා. දියළු පසින් උසට සැදි ගඟේ පිටාර තැන්න