ගන්නවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. (අතින් හෝ වෙනත් දෙයකින්) යමක් තමන් වෙතට පත් කරනවා; ඇරගන්නවා; අසු කරනවා; ග්රහණය කරනවා; අයිති කර ගන්නවා.
2. ක්රි. යටත් කරනවා; බලෙන් අත්පත් කරනවා.
3. ක්රි. (මල්පල ආදිය) හටගන්නවා; දරනවා; ඇති වෙනවා.
4. ක්රි. අදහනවා; විශ්වාස කරනවා; සැලකිල්ලට භාජන කරනවා; පිළිගන්නවා.
5. ක්රි. සුවඳ ආදිය ගල්වනවා; ගානවා; ආලේප කරනවා; තවරනවා.
6. ක්රි. කනවා; අනුභව කරනවා; පාවිච්චි කරනවා; බොනවා; ආහාර පාන භුක්ති විඳිනවා.