ගැටය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලනුවකින් හෝ නූලකින් එකිනෙක තදට පටලවා බඳින බැම්ම.
2. නා. බැම්ම.
3. නා. පොට්ටනිය; පොදිය.
4. නා. උණ ගස් ආදියෙහි පුරුක් සම්බන්ධ වන සන්ධිය.
5. නා. ගසක කඳෙහි කොළ එන ස්ථානය; ගස්වල කඳෙහි තැනින් තැන දක්නට ලැබෙන පලුද්ද.
6. නා. ඉරූ ලීයක තැනින් තැන පැන දක්නට ලැබෙන පලුද්ද.
7. නා. මනුෂ්ය ශරීරයෙහි මතුපිට තැන් තැන්වල සෑදෙන ගඩුවක් වැනි ගුටිය.
8. නා. නොමේරූ ගෙඩිය; ළපටි ඵලය.
9. නා. ගුලිය; ගුටිකාව.
10. නා. තේරුම් ගැනීමට අපහසු ස්ථානය.
11. නා. උපක්රමය; ප්රයෝගය.
12. නා. වතුර ගෙන ඒමට භාවිත කරනු ලබුකැටය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. knob
2. n. knot
3. n. node
4. n. protuberance
5. n. tie