සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 581
ගාය
1. නා. අසනීපය; රෝගය; ආබාධය; කායික වේදනාව.
2. (කථා.) නා. නොසන්සුන්කම; දැඟලිල්ල.
ගායකයා
1. නා. ගී ගැයීමෙහි යෙදෙන්නා; ගායනයෙහි සමතා; සින්දු කියන්නා.
2. නා. ක්‍රිස්තියානි දේවස්ථානයක ගායක කණ්ඩායමට අයත් තැනැත්තා.
ගායනය
නා. ගී කීම; ගී ගැයීම; සින්දු කීම.
ගාරය්හ
වි. නින්දා කටයුතු; ගැරහුම් ලැබිය යුතු; නින්දිත; අධම.
ගාර්දිය
නා.ප්‍ර. ආරක්ෂක ස්ථානය; මුරපොළ; මුර හමුදාව.
ගාරොඩි
1. වි. ගොරෝසු; ගොරහැඩි; රළු.
2. වි. උඩඟු; අහංකාර; උද්ධච්ච.
ගාල
1. නා. ඇතුන්, අසුන්, ගවයන් වැනි සතුන් කොටුකර තබන ස්ථානය; ගොවුද.
2. නා. සතුන් සමූහය; රංචුව; පට්ටිය.
3. නා. කරත්ත සහ වෙනත් වාහන නවත්වා තබන ස්ථානය.
4. නා. වැල් කුඩා ගස් ආදිය ගන සැරේට වැඩී ඇති ස්ථානය; ගොමුව : ගුම්බය.
ගාලගෝට්ටිය
නා. සමූහයක් එකතු ව කරන ඝෝෂාව; පිරිසක් නගන මහත් ශබ්දය.
ගාල් කඳ
නා. ගාල් දොරටුව අවුරා හරහට බැඳි ලීය.
ගාලි
නා.ප්‍ර. දොස් කීම; වැරදි කීම; දෝෂාරෝපණය.
ගාලේ කැවීම
(පාරිභා.) නා. ගාල් කරන ලද සතුන්ට එහි දී ම ආහාර ගැනීමට සැලැස්සීම (=stall feeding).
ගාව
නා. අද්දර; වාටිය; ගැටිය.
නි.. සමීපය; ළඟ.
ගාවුතය
නා. දුර මනින පැරණි මිම්මක්; ගවුව.
ගාස්තුව
නා. යම්කිසි සේවයක් සඳහා කරන ගෙවීම; සේවාවක් සඳහා අය කරනු ලබන මුදල; කුලිය.
ගැංග්ලියම
(පාරිභා.) නා. ස්නායු තන්තු විහිදුවන ස්නායු සෛල සමූහය (=ganglion).
ගැට කපනවා
ක්‍රි. මගීන්ගේ සාක්කු හෝ වෙනත් වටිනා දේ ඔවුන්ට නොදැනුවත්ව පැහැර ගන්නවා.
ගැට බෙරය
නා. දෙ කොනට වඩා මැද මහතින් වැඩි වූ උඩරට වාද්‍ය කලාවට ආවේණික ව පවත්නා තූර්ය භාණ්ඩය; උඩරට මඟුල් බෙරය; දැල්ලිය.
ගැටකාරයා
නා. කපටියා; වංචනිකයා; ප්‍රයෝගකාරයා.
ගැටපදය
1. නා. තේරුම් ගැනීමට අපහසු වචනය; දුරවබෝධ පදය; ග්රන්ථිස්ථානය.
2. නා. ගැටලු සහ දුරවබෝධ පදවල අර්ථය පැහැදිලි කොට විස්තර කරන ග්‍රන්ථය.
ගැටමෝවිට
(කථා.) නා.ප්‍ර. පැදුරු, මලු ආදිය නොලිහෙන පරිදි ගැට වැටෙන සේ දමන මෝවිට,
ගැටය
1. නා. ලනුවකින් හෝ නූලකින් එකිනෙක තදට පටලවා බඳින බැම්ම.
2. නා. බැම්ම.
3. නා. පොට්ටනිය; පොදිය.
4. නා. උණ ගස් ආදියෙහි පුරුක් සම්බන්ධ වන සන්ධිය.
5. නා. ගසක කඳෙහි කොළ එන ස්ථානය; ගස්වල කඳෙහි තැනින් තැන දක්නට ලැබෙන පලුද්ද.
6. නා. ඉරූ ලීයක තැනින් තැන පැන දක්නට ලැබෙන පලුද්ද.
7. නා. මනුෂ්‍ය ශරීරයෙහි මතුපිට තැන් තැන්වල සෑදෙන ගඩුවක් වැනි ගුටිය.
8. නා. නොමේරූ ගෙඩිය; ළපටි ඵලය.
9. නා. ගුලිය; ගුටිකාව.
10. නා. තේරුම් ගැනීමට අපහසු ස්ථානය.
11. නා. උපක්‍රමය; ප්‍රයෝගය.
12. නා. වතුර ගෙන ඒමට භාවිත කරනු ලබුකැටය.
ගැටයා
නා. ළමාවිය ඉක්ම වූ තැනැත්තා; තරුණයා; ගැටවරයා.
ගැටලණුව
1. නා. ගල් විසි කිරීම සඳහා ලණුවලින් වියා සකස් කරගත් උපකරණය.
2. නා. වියලණුව; ගැටබාන.
ගැටලුව
නා. ගැට සහිත කරුණ; විසඳීමට අමාරු දෙය.