ගෙඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගස් වැල්වල හටගන්නා ඵලය.
2. නා. අතින් පයින් හෝ කෝටු ආදියකින් ගහන පහර; ගුටි බැටය.
3. නා. වේලාව දැන්වීම සඳහා නාද කරවනු පිණිස විහාර ආරාමාදියේ එල්ලා ඇති ලොහොමුවා/ලී මුවා උපකරණය; වේලාව හඟවන ටකය; ඝණ්ටාව.
4. නා. ගඩොල; ගඩොල් කැටය.
5. නා. ලිවීම සඳහා සූදානම් කළ හිස් පුස්කොළ මිටිය; පොත්ගෙඩිය.
6. නා. ජලය ආදිය ගෙන යන භාජනයක්; කෙණ්ඩිය; ඩබරාව.
7. නා. කළය; ඝටය.
8. නා. ශරීරයෙහි හමට යටින් සැරව සහිත ව ඉදිමී වේදනාව ගෙන දෙන ගඩුවක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. abscess
2. Civ. blank
3. n. boil
4. n. fruit