චාපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දුන්න; සැව්ව.
2. (පාරිභා.) නා. ලෝහ පෑස්සීමටත් විදුලි ආලෝකය නිපදවීමටත් යොදා ගන්නා විද්‍යුත් උපකරණයක් (=arc).
3. නා. වෘත්ත පරිධියේ දුනු හැඩය ගත් වක් රේඛා කොටස.
4. (ජ්‍යෝති.) නා. දුනු ලකුණෙන් සංකේත වන රාශිය; ධනු රාශිය.
5. නා. අනංගයාගේ මනඃකල්පිත දුන්න.
6. නා. දේදුන්න.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කවයක හෝ වෘත්තයක හෝ පරිධියෙන් කොටස/ දුන්න (පා. සං. චාප)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. arc
2. n. bow
3. n. chord