අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 118
චලිතය
නා. සෙලවීම/ වෙනස් වීම (පා. සං. චලිත)
චෂකය
නා. මධුපානය කරන භාජනය; ඔඩම; විත (සං. චෂක)
ච්‍යුත
වි. එක් ආත්මයකින් මිදුණු; වෙන් වුණු (සං. ච්‍යුත)
ච්යුතිප්රතිසන්ධි
නා.ප්‍ර. එක් භවයක පහ වීම හා තවත් භවයක පිළිසිඳ ගැනීම; මරණය හා නැවත ඉපදීම
ච්‍යුතිය
නා. එක් භවයකින් පහවීම; මරණය (සං. ච්‍යුති)
චාටු
වි. රැවටිලිකාර (පා. සං. චාටු)
චාණක්‍ය
නා.ප්‍ර. ‘කෞටිල්‍ය’ නම් අර්ථශාස්ත්රඥයා (සං. චාණක්‍ය)
චාතුර්යය
නා. චතුරභාවය; දක්ෂකම (සං. චාතුර්ය)
චාපය
නා. කවයක හෝ වෘත්තයක හෝ පරිධියෙන් කොටස/ දුන්න (පා. සං. චාප)
චාපල්‍යය
නා. චපල භාවය (සං. චාපල්‍ය)
චාරිත්‍රය
නා. සමාජ සම්මත සම්ප්රදාය; සිරිත/ හැසිරිය යුතුයයි නියමිත ශික්ෂාව (සං. චාරිත්‍ර)
චාරිත්‍රානුකූල
වි. සිරිතට අනුව පවත්නා
චාලක
වි. චලනය ඇති කරන (සං. චාලක)
චිතකය
නා. මෘත ශරීරයක් දැවීම සඳහා තනනු ලබන දර සෑය (පා. චිතක)
චිත්තක්ෂණය
නා. සිතක් ඉපදී පැවත නැති වී යෑමට ගත වන කාලය (පා. චිත්තක්ඛණ)
චිත්තප්‍රීතිය
නා. සිතෙහි ඇති වන සතුට
චිත්තවීථිය
නා. චිත්තක්ෂණ 17 කින් සමන්විත චිත්ත පරම්පරාව (පා. චිත්තවීථි)
චිත්තශුද්ධිය
නා. අකුසල් දුරු කිරීමෙන් හා කුසල් පුරුදු කිරීමෙන් ලබන සිතෙහි පිරිසිදු බව
චිත්තසන්තානය
නා. සිතිවිල වැල (පා. සං. චිත්තසන්තාන)
චිත්තාකර්ෂණීය
වි. සිත් ඇද බැඳ ගන්නා; අලංකාර (සං. චිත්තාකර්ෂණීය)
චිත්තාභිරමණීය
වි. සිත අතිශයින් සතුටු කරවන; සිත් පිනවන
චිත්තාභිලාෂය
නා. සිතෙහි බලවත් කැමැත්ත
චිත්තාස්වාදය
නා. සිතින් විඳිනා සතුට; චිත්තප්‍රීතිය
චිත්රණය
නා. සිතුවම් ඇඳීම; සිත්තම් කිරීම