අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 119
චිත්රබන්ධන
නා.ප්‍ර. චිත්‍රයක් සේ සකසන කාව්‍ය බන්ධනය
චිත්රාක්ෂර
නා.ප්‍ර. වචන වෙනුවට රූප සටහන්වලින් අදහස් දක්වන අකුරු ක්‍රමය; සිතුවම් අකුරු
චින්තනය
නා. සිතීම; නුවණින් සලකා බැලීම; කෙනකු නොවිමසා තමා ම සිත තුළ නිපදවා ගන්නා අදහස (පා. සං. චින්තන)
චින්තාමණී
නා.ප්‍ර. සිතූ පැතූ සම්පත් දෙතැයි පුරාවෘත්තයන්හි සඳහන් වන මැණික; සිතුමිණ (සං. චින්තාමණි)
චින්තාමාණික්‍යය
නා. සිතුමිණ
චින්තාවිෂයාතික්‍රාන්ත
වි. සිතන්නට හැකි සීමාව ඉක්මවූ
චිරන්තන
වි. පුරාණ කාලයට අයත්; පෞරාණික (සං. චිරන්තන)
චිරරාත්‍රඥ
වි. දීර්ඝ කාල පරිච්ඡේදයක් පිළිබඳ අත්දැකීම් ඇති (සං. චිරරාත්‍රඥ)
චිරස්ථායි
වි. බොහෝ කාලයක් පවතින (සං. චිරස්ථායින්)
චිරස්ථිතිය
නා. බොහෝ කල් පැවැත්ම (සං. චිරස්ථිති)
චිරායුෂ්ක
වි. බොහෝ ආයු ඇති; දිගු කල් පවතින (සං. චිරායුෂ්ක)
චිහ්නය
නා. යමක් හෝ යමකු හෝ අඳුනාගැනීම පිණිස ඇති විශේෂ ලක්ෂණය; සලකුණ (සං. චිහ්න)
චීවර පරිෂ්කාර
නා.ප්‍ර. සිවුරු පිරිකර
චීවර පාරුපණය
නා. සිවුරු පෙරවීමේ පිළිවෙළ
චීවරධාරියා
නා. සිවුරු දරන්නා; සිවුරු පොරවන ලද තැනැත්තා
චුතික්ෂණය
නා. මැරෙන මොහොත
චුතූපපාත ඥානය
නා. සත්ත්වයන්ගේ චුතිය හා උත්පත්තිය දන්නා නුවණ (පා. චුතූපපාත ඤාණ)
චුම්බක පාෂාණය
නා. කාන්දම් ගල; අයස්කාන්තය
චුම්බකත්වය
නා. කාන්දමක් හෙවත් චුම්බකයක් ලෙස ක්‍රියා කිරීමේ ගුණය
චුම්බටකය
නා. සිනිදු කොට්ටය/ දරණුව; වෙළුම (පා. චුම්බටක)
චුම්බනය
නා. ආදරය හෝ ආචාරය හෝ ගෞරවය හෝ දැක්වීමේ ලකුණක් වශයෙන් සිඹීම (සං. චුම්බන)
චූඩාමාණික්‍යය
නා. හිසෙහිා පලඳින මැණික; මුදුන් මැණික; සිළුමිණ (සං. චූඩාමණි)
චූදිත
වි. චෝදනා ලත්; දෝෂාරෝපිත (පා. චූදිත)
චූර්ණය
නා. ඉතා සියුම් කුඩ; ඖෂධ වර්ග සුනු කොට තනාගත් බෙහෙත් කුඩ (සං. චූර්ණ)