ට්‍රාන්ස්ෆෝමරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (විද්‍යු.) නා. විදුලි බලය ගලා යෑමට ඉඩ දෙන අතර ම විදුලි පරිපථ වෙනස් කිරීමට හැකි වෙළුම් කම්බි සහිත විද්‍යුත් චුම්බක උපකරණයක් (=transformer).
2. නා. යම් වෝල්ටීයතාවයකින් ලබන විදුලි ශක්තිය වෙනත් වෝල්ටීයතාවකට පරිවර්තනය කර නිකුත් කළ හැකි උපකරණයක්; පරිණාමකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වෙළුම් කම්බි සහිත විද්‍යුත් චුම්බක උපකරණය (ඉං. transformer)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. transformer