සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 686
ට්‍රාන්ස්මීටරය
නා. (ගුවන් විදුලි උපකරණයේ හෝ ටෙලිෆෝනයේ) පණිවුඩ නිකුත් කරන හෝ බෙදා හරින උපාංගය (=transmitter).
ට්‍රාන්ස්ෆෝමරය
1. (විද්යු.) නා. විදුලි බලය ගලා යෑමට ඉඩ දෙන අතර ම විදුලි පරිපථ වෙනස් කිරීමට හැකි වෙළුම් කම්බි සහිත විද්‍යුත් චුම්බක උපකරණයක් (=transformer).
2. නා. යම් වෝල්ටීයතාවයකින් ලබන විදුලි ශක්තිය වෙනත් වෝල්ටීයතාවකට පරිවර්තනය කර නිකුත් කළ හැකි උපකරණයක්; පරිණාමකය.
ට්‍රාන්සිස්ටරය
(පාරිභා.) නා. ආන්තර සන්නායකතාව පිහිට කොට ගෙන විද්‍යුත් ධාරාව වර්ධනය කිරීමේ උපකරණයක් (=transistor).
ට්රැක්ටරය
නා. සාමාන්‍යයෙන් බර ඇදගෙන යෑම සඳහා යොදන අධිබල මෝටර් යන්ත්‍රයක් (=tractor).
ට්රැපීසියම
නා. (ජ්‍යාමිති.) සම්මුඛ පාද යුගලය පමණක් සමාන්තර වූ චතුරශ්‍රය (=trapezium, trapezoid).
ට්රෑම් කාරය
නා. පුළුල් මාවතක් තුළ යොදා ඇති පීලි මත විදුලි බලයෙන් දිවෙන මගී ප්‍රවාහන රථයක්; ට්රෑම් රථය (=tramcar).
ට්‍රේ
නා.ප්‍ර. තේ පැන් ආදිය අනුනට පිළිගැන්වීම සඳහා ගැනෙන තැටිය; බන්දේසිය (=tray).
ට්‍රේලරය
නා. ප්‍රධාන රථයක පිටුපස අමුණනු ලබා ඇදී යන රථය (=trailer).
ට්‍රොලිය
1. නා. තල්ලුවෙන්, ඇද ගෙන භාණ්ඩ එහා මෙහා ගෙන යෑමට යොදා ගත හැකි අත් කරත්ත විශේෂය; ඩක්කුව (=trolly).
2. නා. විදුලි බලයෙන් දුවවනු ලබන බස්රථ විශේෂයක්.
ට්‍රෝලරය
නා. ගැඹුරු මුහුදෙහි මසුන් ඇල්ලීම පිණිස භාවිත කරන නැව් වර්ගයක් (=trawler).
ට්‍රෝල් දැල
නා. ගැඹුරු මුහුදෙහි මසුන් ඇල්ලීම සඳහා ට්‍රෝලර් නැවෙන් ඇදගෙන යනු ලබන දිග දැල (=trawl net).
ටාට්රේට්
(පාරිභා.) නා.ප්‍ර. ටාට්රික් අම්ලයේ ලවණ (=tartrate).
ටැංකිය
1. නා. දිය රැස් කර තබා ගන්නා කෘත්‍රිම ජලාවාටය.
2. නා. මාළුන් ඇති කිරීම, ජලජ ශාක වැවීම ආදිය සඳහා තනා ගැනෙන ආවාට හෝ භාජන විශේෂය.
3. නා. වායු, තෙල් ආදිය ගබඩා කිරීම සඳහා තනා ඇති විශාල භාජන විශේෂය.
4. (පාරිභා.) නා. වැසිකිළිවල කසළ ශෝධනය සඳහා සවි කරනු ලබන දිය බඳුන (=cistern)
ටැංගෝ
නා.ප්‍ර. පැරණි ආසියානු රන් කාසි වර්ගයක්.
ටැංජනය
1. (පාරිභා.) (ජ්‍යාමිති.) නා. ඍජුකෝණාස්ර ත්‍රිකෝණයක අදාළ කෝණයෙහි ප්රතිමුඛ පාදයත් යාබද පාදයත් අතර පිහිටි අනුපාතය.
2. නා. ( ත්‍රිකෝ.) ස්පර්ශකය ස්පර්ශ රේඛාව (=tangelth).
ටැක්ක වැදෙනවා
(කථා.) ක්‍රි. මුණගැසෙනවා; හමු වෙනවා.
ටැක්නිකල්
වි. කාර්මික; ශිල්පීය; තාක්ෂණික (=technical).
ටැක්සිය
නා. පොදුවේ කූලී පිණිස යොදනු ලැබූ මෝටර් රථය; නියමිත කුලිය ගෙවා ගමන් බිමන් යෑම සඳහා යොදා ඇති මෝටර් රථය (=taxi).
ටැග්මාව
නා. ප්රාග් ප්ලාස්මයේ තව දුරටත් නොබිඳිය හැකි විශාලම කොටස; සමූහ අනුව.
ටැන්කි නැව
නා. විශේෂයෙන් ඛනිජ තෙල් ගබඩා කොට ගෙන යාම සඳහා යොදා ගන්නා ටැන්කි සහිත නැව.
ටැන්ටලම්
(පාරිභා.) නා.ප්‍ර. (ආවර්තිතා පද්ධතියෙන් පස්වැනි කාණ්ඩයේ එන) පරමාණුක මූල ද්‍රව්‍යයක්. (=tantalum).
ටැන්ට්රොන්
(පාරිභා.) නා.ප්‍ර. රසායනික උපකරණ සඳහා භාවිත කරන අම්ල ප්‍රතිරෝධක සේ ම සිලිකා අඩංගු යකඩ මිශ්‍ර ලෝහයක් (=tantiran).
ටැන්ඩරය
නා. යම් ද්‍රව්‍යයක් නියමිත මිලට ගැනීම සැපයීම ආදිය සඳහා හෝ සේවාවක් ඉටු කිරීම සඳහා හෝ මිල ගණන් කැඳවන ලේඛනය (=tender).
ටැනින්
නා.ප්‍ර. හම් පදම් කිරීමට බහුල ව භාවිත කරන කහට අම්ලයක්.
ටැනිස්
නා.ප්‍ර. එක් ක්‍රීඩකයකු හෝ දෙදෙනකු බැගින් දෙපිලට බෙදී දැල් පිතිවලින් පන්දුවට පහර දෙමින් කරන ක්‍රීඩාවක් (=tennis).