සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 685

ටකා දණ්ඩ

නා. නූල් කැටීමේදී ඉද්දෙහි නූල් එතීම සඳහා ඇති ලී කඩ; ටකාව.

ටඞ්ගය

නා. (සත්ව.) කකුලේ දණිසත් වළලුකරත් අතර කොටස; කොණ්ඩය; ජංඝාව.

ටඩ්කය

1. නා. ඔලිඳ ඇට විසි හතරක බර දක්වන පැරණි මිනුමක්.
2. (සංගී.) නා. රාගයක්.
3. නා. කඩුව; අසිපත.
4. නා. වෛරය.
5. නා. රන් කාසි විශේෂයක්.

ටයි පටිය

නා. යුරෝපීය ඇඳුම් කට්ටලයට අයත් කමිසයේ කර ගෙලට මඳක් හිරවන සේ ගැට ගසා පලඳින පටිය.

ටයිටලය

1. නා. නම්බු නාමයක පටබැඳි නම.
2. නා. ග්‍රන්ථ ආදියක නාමය; මාතෘකාව.

ටයිටේනියම්

(පාරිභා.) නා.ප්‍ර. ඉල්මනයිට්වල තිබෙන ලෝහමය මූල ද්‍රව්‍යයක් (=titanium).

ටයිප්

වි. යතුරු ලේඛනය හා සම්බන්ධ; යතුරුලියනයෙන් මුද්‍රිත.
1. නා.ප්‍ර. මුද්‍රණය කිරීම පිණිස ගනු ලබන අකුරක් සහිත ලෝහ කුට්ටිය.
2. නා.ප්‍ර. මුද්‍රිත අකුර.

ටයිප් ගහනවා

ක්‍රි. යතුරු ලියනයෙන් අකුරු ලේඛනගත කරනවා.

ටයිප් රයිටරය

නා. යතුරු ලියනය.

ටයිම්කීපර්

නා.ප්‍ර. සේවකයන් පැමිණෙන වේලාව, තරගයකදී ධාවකයන් දිනුම් රේඛාවට පැමිණෙන වේලාව ආදිය සටහන් කරන තැනැත්තා.

ටයිම්පීස්

(නව.) නා.ප්‍ර. අවශ්‍ය වේලාවකට සීනු හඬක් නංවන ඔර්ලෝසු වර්ගය.

ටයිලින්

නා. කෙළවල අඩංගු එන්සයිමය.

ටර්බයිනය

නා.ප්‍ර. වාතය, ජලය ආදි ධාරාවක් හා ගැටීම නිසා නොනැවතී කරකැවෙන ඊෂාවකින් යුත් මෝටරයක තල රෝදය; තලබමනය.

ටර්බයින් යන්ත්‍රය

වි. ටර්බයින හෙවත් තලබමන මගින් ක්‍රියා කරනු ලබන මැසීම.

ටර්බියම්

(පාරිභා.) නා.ප්‍ර. විරල පාංශු කාණ්ඩයේ ලෝහමය මූල ද්‍රව්‍යයක් (=terbium).

ටවුන් කවුන්සලය

නා. සුළු නගර සම්බන්ධ වූ පළාත් පාලන ආයතනය.

ටවුම

නා. නගරය; සිදාදිය.

ටහඬ

නා. (ඇස්.) කබ.

ට්රැකියාව

(පාරිභා.) නා. සතුන් හුස්ම ගන්නා නාළය; ශ්වාසනාලය (=trachea).

ට්‍රක් ගොවිතැන

(පාරිභා.) නා. ලොරි සහ දුම්රිය මැදිරි (ට්‍රක්) මඟින් වෙළෙඳපළට යැවීම සඳහා එළවලු පලතුරු ආදිය බහුල ලෙස වගා කිරීම (=truck farming).

ට්‍රම්පට්

නා.ප්‍ර. සුසිර වර්ගයේ සංගීත භාණ්ඩයක්; හොරණෑව; කාහලය; පුම්පේත්තුව (=trumpet).

ට්‍රයිෂෝ

නා.ප්‍ර. රෝද තුනේ සැහැල්ලු වාහනය.

ට්‍රයිසිකලය

නා. රෝද තුනේ පා පැදිය (=tricycle).

ට්‍රාන්ස්ඩියුසරය

නා. විද්‍යුත් බලශක්ති හුවමාරු උපක්‍රමයක් (=transducer).