සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 684

ඥානේන්ද්‍රිය

[ඥාන + ඉන්ද්‍රිය]
නා.ප්‍ර. දැනීම ලැබීමේ ඉන්ද්‍රියය; වින්දනය පිළිබඳ ඉන්ද්‍රියය.

ඥානෝදය

නා.ප්‍ර. නුවණ පහළ වීම; නුවණ උදා වීම.

ඥාපක

වි. දැනුම් දෙන; හඟවන; දැනගන්නට සලස්වන.

ඥාපකය

නා. දැනුම් දෙන නොහොත් හඟවන දෙය.

ඥාපකයා

නා. දැනුම් දෙන්නා; හඟවන්නා.

ඥාපනය

නා. දැන්වීම; හැඟවීම; දැක්වීම.

ඥෙය්‍ය

වි. දැනගත යුතු; දැනගත හැකි වූ.
නා.ප්‍ර. දතයුත්ත; අවබෝධ කළ යුතු ධර්මය.

ඥේය මණ්ඩලය

නා. බුද්ධ විෂය වූ සංස්කාර, විකාර, ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති යන ධර්ම පස දත යුතු සියල්ල.

ඥේයපථය

නා. ඥානයට විෂය වන ප්‍රදේශය; ඥේය මණ්ඩලය.

ඥේයාවරණය

නා. දත යුත්ත මුවා වීම හෙවත් වැසී යාම; ඒ කෙරෙහි ඇති වන බාධාව.

ට

මිශ්‍ර සිංහල හෝඩියේ තිස්තුන් වන අකුර හා දහතුන්වන ස්පර්ශ ව්‍යඤ්ජනාක්ෂරය; මූර්ධජ අල්පප්‍රාණ අඝෝෂ ශබ්දය.

ටංකනය

නා. කාසි මුද්‍රණය කරන ස්ථානය.

ටංගකය

නා. (සත්ව.) උසස් ගණයේ පෘෂ්ඨ වංශීන්ගේ කකුලේ ඇති පේශියක්.

ටංග්ස්ටන්

(පාරිභා.) නා.ප්‍ර. ඉතා තද ලෝහමය මූල ද්‍රව්‍යයක්. (=tungsten).

ටංතෙල්

(පාරිභා.) නා.ප්‍ර. දැව භාණ්ඩ ඔප ලෑමට ගැනෙන ශාක තෙලක් (=tung oil).

ටංස්ටන් වානේ

(පාරිභා.) නා. දැඩි උෂ්ණත්වයකට ඔරොත්තු දෙන පරිදි ටංස්ටන් මිශ්‍ර කර සාදා ඇති ඉතා මිශ්‍ර ලෝහයක් (=tungsten steel).

ටංස්ටන් සූත්‍රිකාව

(පාරිභා.) නා. ටංස්ටන් ලෝහයෙන් තැනූ විදුලි බුබුළු සූත්‍රිකාව (=tungsten filament).

ටකපය

1. (කථා.) නා. කොට කකුල, සොත්ති පය; නොන්ඩි පාදය.
2. නා. (මේස පුටු ආදියෙහි) සෙසු කකුල් වලට වඩා මඳක් කෙටි වූ කකුල.

ටකපෝරුව

නා. කුඹුරු ආදිය වන සතුන්ගෙන් රැකීම සඳහා ලෝහ දැව ආදියෙන් ගැටෙන හඬ නංවන පරිදි සාදා ගැනෙන උපකරණයක්.

ටකය

නා. ලෝහ ලී ආදියෙන් සාදනු ලබන සීනු විශේෂයක්.

ටකරම

නා. සෙවිලි කිරීම් ආදියට ගනු සඳහා තුත්තනාගම් හා සකස් කර ගැනෙන බෙලෙක් හෝ ලෝහ තහඩුව.

ටක්කය

(කථා.) නා. අඩය; ආධාරකය; සක්කය; රුකුල.

ටක්කෙට

(කථා.) ක්‍රි.වි. හරියට; ඉලක්කයට.

ටක්ටක් ගින්න

1. (කථා.) නා. ඉඩෝරය; පෑවිල්ල; නියඟ.
2. නා. තැති ගැන්මෙන ඇති වන හද ගැස්ම.