සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 683

ඥාන දරුවා

නා. (ක්‍රිස්ති.) ඥාන දෙමව්පියන් ඇති ව බවුතීස්ම (ප්‍රාසාද ස්නානය) කරන ළමයා.

ඥාන පරිපාකය

නා. නුවණ මුහුකුරා යෑම.

ඥාන පියා

නා. (ක්‍රිස්ති.) දරුවකු ප්‍රසාද ස්නානය කරනු ලබන අවස්ථාවේ දී ඔහුගේ ආගමික අධ්‍යාපනය ආදිය භාර ව කටයුතු කිරීමට කැප වන තැනැත්තා; ඇපකාර පියා; පඤ්ඤා.

ඥාන බලය

1. නා. බුදුරජාණන් වහන්සේට පමණක් ඇති සෙසු අයට නැති ස්ථාන අස්ථාන දන්නා නුවණ.
2. නා. නුවණ නැමති ශක්තිය; නුවණෙහි මහිමය.

ඥාන මව

නා. (ක්‍රිස්ති.) දරුවකු බවුතීස්ම කිරීමේදී ආධ්‍යාත්මික භාරකාරත්වය ලබන මව; මඤ්ඤා.

ඥාන මවුපියෝ

නා.බහු. (ක්‍රිස්ති.) ඥාන පියා සහ ඥාන මව; පඤ්ඤා සහ මඤ්ඤා.

ඥාන මාර්ගය

නා. උපනිෂද්හි එන ඥානයේ ආධාරයෙන් පරමාත්මන් සාක්ෂාත් කිරීමේ ක්‍රමය.

ඥාන ශක්තිය

නා. නුවණින් වටහා ගැනීමේ හැකියාව.

ඥාන සම්ප්‍රයුක්ත

වි. (අභි.) ප්‍රඥා චෛතසිකය හෙවත් නුවණ යෙදුණු.

ඥාන සම්භාරය

නා. දැනුම් සමූහය; දැනුම් එකතුව.

ඥාන සාගරය

නා. සයුරක් බඳු වූ නුවණ.

ඥානගෝචර

වි. නුවණට හසුවන.

ඥානතන්තු

(පාරිභා.) නා.ප්‍ර. මුළු සිරුර පුරා විහිද ඇති ස්පර්ශ හැඟීම් ඇති කරන ස්නායු; සංවේදනා තන්තු (=nerres).

ඥානත්‍රය

නා. ආර්ය මාර්ගස්ථයට පහළ වන සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන තුන්වැදෑරුම් නුවණ. යන

ඥානදත්

(පාරිභා.) නා. මනුෂ්‍යයාගේ උඩු යටි හනු දෙකෙළවර (ළමා කාලය ගත වීමෙන් පසු ව මතු වන) පිහිටි ලොකු ද්විත්ව දත් හතර (=wisdom teeth).

ඥානය

නා. දැනීම; යමක් පිළිබඳ අවබෝධය; නුවණ.

ඥානවන්ත

වි. නුවණ ඇති; නැණවත්; ප්‍රඥාවත්.

ඥානවන්තයා

නා. නුවණ ඇති තැනැත්තා; නැණවතා; ප්‍රඥාවන්තයා.

ඥානවිප්‍රයුක්ත

වි. (අභි.) ප්‍රඥා චෛතසිකය හෙවත් නුවණ නොයෙදුණු.

ඥානවෘද්ධ

වි. නුවණින් වැඩිහිටි; මේරූ නුවණ ඇති.

ඥානස්නානය

නා. (ක්‍රිස්ති.) දියේ ගිල්වීමෙන් හෝ හිසට දිය ඉසීමෙන් හෝ කරන ආගමික කෘත්‍යය; ක්‍රිස්තියානි කිරීම; බවුතීස්මය.

ඥානාක්ෂිය

1. නා. නුවණ නමැති ඇස; නුවණැස.
2. නා. සිත නමැති ඇස; මනැස.
3. නා. තාරා දේවියගේ ඇස් සතෙන් නළලෙහි පිහිටි ඇස.

ඥානික

1. වි. නුවණ ඇති දැනුමෙන් යුතු.
2. වි. ඥානය පිළිබඳ.

ඥානියා

නා. නුවණැත්තා; දැනීම ඇත්තා; ප්‍රඥාවන්තයා.