ටැංකිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දිය රැස් කර තබා ගන්නා කෘත්‍රිම ජලාවාටය.
2. නා. මාළුන් ඇති කිරීම, ජලජ ශාක වැවීම ආදිය සඳහා තනා ගැනෙන ආවාට හෝ භාජන විශේෂය.
3. නා. වායු, තෙල් ආදිය ගබඩා කිරීම සඳහා තනා ඇති විශාල භාජන විශේෂය.
4. (පාරිභා.) නා. වැසිකිළිවල කසළ ශෝධනය සඳහා සවි කරනු ලබන දිය බඳුන (=cistern)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cistern
2. n. tank