අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 127
ජෛවීය විද්යා
නා.ප්ර. ජීවීන් පිළිබඳ විද්යාව
ඤාණ
නා.ප්ර. ඥාන
ඤාණවන්ත
වි. ඥානවන්ත
ඤාති
නා.ප්ර. ඥාති
ඥාත
වි. අවබෝධ කළ; තේරුම් ගත් (සං. ඥාත)
ඥාති
නා.ප්ර. නෑදෑයා (සං. ඥාති පා. ඤාති)
ඥාන
නා.ප්ර. නුවණ (සං. ඥාන පා. ඤාණ)
ඥාන මීමාංසා
නා.ප්ර. නුවණ පිළිබඳ කෙරෙන විමසීම
ඥානචක්ෂුස
නා. නුවණ නැමැති ඇස (සං. ඥානචක්ෂුස්)
ඥානවන්ත
වි. නුවණ ඇති; පණ්ඩිත (සං. ඥානවත් පා. ඤාණවන්ත)
ඥානවෘද්ධ
වි. නුවණින් මුහුකුරා ගිය (සං. ඥානවෘද්ධ)
ඥානාන්විත
වි. නුවණට හුරු; නුවණක්කාර
ඥානාර්ථය
නා. ත්රිලක්ෂණය නුවණින් අවබෝධ කිරීම (සං. ඥානාර්ථ)
ඥානාලෝකය
නා. නුවණ නැමැති එළිය
ඥානේන්ද්රිය
නා.ප්ර. දැනීම ලැබීමේ ඉන්ද්රිය (සං. ඥානෙන්ද්රිය)
ඥේය
වි. දත යුතු; දැනගත යුතු (සං. ඥෙය)
ඥේය පථය
නා. ඥානයට විෂය වන ක්ෂේත්රය
ඥේයමණ්ඩලය
නා. පැතිරීගිය ඥානමණ්ඩලය (සං. ඥෙයමණ්ඩල)
ට්රාන්ස්ෆෝමරය
නා. වෙළුම් කම්බි සහිත විද්යුත් චුම්බක උපකරණය (ඉං. transformer)
ට්රොලිය
නා. අතින් තල්ලු කරගෙන යන රථ විශේෂයක්; අත් කරත්තය (ඉං. trolley)
ට්රෝලරය
නා. මුහුදේ මසුන් ඇල්ලීම සඳහා යොදාගන්නා කුඩා නැව් විශේෂයක් (ඉං. trawler)
ටැඹ
නා. කණුව; ස්තම්භය (පා. ථම්භ සං. ස්තම්භ)
ටිප්පණිය
නා. ටීකාවට කළ අර්ථ විවරණය (සං. ටිප්පණි)
ටෙන්ඩරය
නා. මිල ගණන් කැඳවන හෝ ඉදිරිපත් කරන ලේඛනය (ඉං. tender)