අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 128
ටෙලිවිෂනය
නා. රූපවාහිනිය (ඉං. television)
ටෙලිෆෝනය
නා. දුරකථනය (ඉං. telephone)
ටෙස්ටොස්ටෙරෝන්
නා.ප්ර. පුරුෂ ලිංගික ලක්ෂණ ඇති කිරීමට හේතු වන හෝමෝනය (ඉං. testosterone)
ඨානන්තරය
නා. තනතුර; පදවිය (පා. ඨානාන්තර)
ඩිම්බ ප්රණාලය
නා. ඩිම්බකෝෂයේ සිට ඩිම්බ පිටතට ගෙන යන නාළය
ඩිම්බකෝෂය
නා. ඩිම්බ නිපදවන අවයවය (සං. ඩිම්බකොෂ)
ඩිම්බාණුව
නා. ජීවියකු හටගැනෙන බීජයේ මුල් අවස්ථාව; මාතෘබීජය
ඩිම්බාවරණය
නා. ඩිම්බ කුක්ෂිය වැසී යන පරිදි වැඩෙන ආවරණය
ඩෝලය
නා. බෙර වර්ගයට අයත් වාද්ය භාණ්ඩයක්
ණය
නා.ප්ර. ආපසු දීමේ පොරොන්දුව පිට ලබාගත් හෝ ලබා දුන් හෝ මුදල් ආදි වූ දෙය (පා. ඉණ සං. ඍණ)
ණය ගිණුම
නා. බැංකුවක් ණය ගන්නකු සඳහා විවෘත කර දෙන ගිණුම
තකහණිය
නා. ඉක්මන; කඩිනම/ විශේෂ අවශ්යතාව
තක්ෂණය
නා. සූසැට කලාවන්ගෙන් එකක් වූ වඩුකම (සං. තක්ෂණ)
තක්ෂිලාව
නා. පුරාණ භාරතයේ පිහිටි නගරයක නාමය (සං. තක්ෂශිලා)
තටකලියාව
නා. කඩියාළම
තටාකය
නා. පොකුණ; මිල (පා. සං. තටාක)
තටාකාංගණය
නා. නැව් භාණ්ඩ බහාලුම් ගොඩබෑමට හා පැටවීමටත්, නැව් අලුත්වැඩියා කිරීම ආදියටත් වරායේ සකසා ඇති විශේෂ ස්ථානය (පා. සං. තටාක+අඞ්ගණ)
තණ
1. නා.ප්ර. තණකොළ (සං. තෘණ) 2. තෘෂ්ණාව (සං. තෘෂ්ණා පා. තණ්හා)
තණ හාල්
නා.බහු. කුරහන් වැනි රන් පැහැ වටකුරු ධාන්ය විශේෂයක්
තණකොළ
නා. තෘණ
තණතිල්ල
නා. තණ වැවූ බිම; විශේෂයෙන් ක්රිකට් ක්රීඩාවේ දී පන්දුවට පහර දීමට තණකොළ වවා සකස් කළ ස්ථානය
තණසුළ
නා.ප්ර. හුළු අත්ත
තණ්ඩල
නා.ප්ර. සහල් (පා. සං. තණ්ඩුල)
තණ්ඩලය
නා. බරකරත්තයක අතිරේක ගොනා/ පාරුවක ප්රධානයා; පාරු නියමුවා/ ගැල් නායකයා (දෙ. தண்டல்)