තට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යමකින් යම් කිසිවකට හඬක් නැංවෙන සේ හෙමින් ගැසීම.
2. නා. ස්තරය; ප්‍රතානය; තලය.
3. නා. සිවිය; පටලය; පටකය; ඡවිකාව.
4. නා. කුඹුරක හෝ ගෙවත්තක හෝ බෙදාගත් කොටස.
5. (කථා.) නා. තැටිය; තැටිල්ල; පීරිසිය.
6. (කථා.) නා. බුලත් අල්ලන භාජනය; ඉලත්තට්ටුව.
7. (කථා.) නා. නොගැඹුරු පතුලක් ඇති පැතලි බඳුන; වට්ටිය.
8. නා. අල්මාරිය, රාක්කය වැනි දේවල් ඇතුළ යොදනු ලබන ඵලකය.
9. නා. කරත්ත-මේස වැනි දේවල තිරස් ව සවි කරන පෙතැල්ල.
10. නා. මාලකය; භූමකය; සොල්දරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bed
2. n. berm
3. n. carrier
4. n. coat
5. n. cradle
6. Civ. deck
7. Civ. decking
8. Art. encrustation
9. n. floor
10. Art. groove
11. n. layer
12. ply
13. Civ. rabbet
14. Art. rebate
15. Che. stage
16. n. stand
17. Bot. storey
18. n. stratum
19. Bot. tier
20. n. tray
21. n. upstairs