සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 699
තටතටායමාන
වි. කෝපයෙන් පුපුරන; ක්‍රෝධයෙන් 'තට තට’ යැයි ගැහෙන.
තටමනවා
ක්‍රි. (මල පහ කිරීමට) තතනනවා; වැර වඩනවා.
තට්ටම
නා. ශරීරයේ ඉඟටියෙන් පහළ නෙරාගිය නිතඹ පෙදෙස; හිඳ ගැනීමට යෙදෙන මස් පිඬු දෙක.
තට්ටඹියා
(කථා.) නා. රජ ගෙදර වැසිකිළි සෝදන්නා.
තට්ටය
නා. කෙස් නැති හිස; මුඩුහිස.
තට්ටිකාව
නා. තල් කොළ ආදියෙන් මඬුලු යොදා කරන ලද පැදුරු විශේෂයක්.
තට්ටු අරිනවා
ක්‍රි. ලෑලි, කණු ආදියේ අංශයකින් පලුවක් ගා ඉවත් කරනවා; තීරුවක් අස් කරනවා; තට්ටු ගානවා.
තට්ටු ආන
(කථා.) නා. වට්ටි, මලු, පැදුරු ආදිය එල්ලා තබන ආධාරයකය; උඩහල්ල; සික්කාව.
තට්ටු තලය
නා. තට්ටුවක මතුපිට; ස්තර පෘෂ්ඨය.
තට්ටු පැනීම
(කථා.) නා. සිංහල ජන ක්‍රීඩාවක්; අල්ලි පැනීම; ඉරි පැනීම; කට්ටු කෙළිය.
තට්ටු පිඟාන
නා. පැතලි පිඟාන; බොකටු නැති තැටිය; තලිය.
තට්ටු පියවර
නා. සරඹ කිරීමේ දී කකුල් දෙපසට විහිදා කඳ නමා අත් දෙකේ ඇඟිලි අගින් පිටිපතුල් තට්ටු කිරීම.
තට්ටු පෙට්ටිය
(කථා.) නා. ආහාර බඳුන තබා ගැනීමට වේවැල්වලින් හෝ ඉරටුවලින් හෝ වියා පැරණියන පාවිච්චි කළ ඉලත්තට්ටුව වැනි උපකරණයක්; කුරු අඩිය.
තට්ටු මාරුව
නා. (ගොවි.) මාරුවෙන් මාරුවට ඉඩම් භුක්ති විඳීමට හෝ සාර-අසාර කුඹුරු මාරුවෙන් මාරුවට භුක්ති විඳීමට හෝ එහි හවුල් අයිතිකරුවන් අතර භාවිත ක්‍රමය; කර මාරුව.
තට්ටු යතුකැටය
නා. දැවවලින් තීරු ගා ඉවත් කිරීමට භාවිත කරන වඩු උපකරණය.
තට්ටු වෙනවා
1. ක්‍රි. හැප්පෙනවා; ගැටෙනවා; වදිනවා.
2. ක්‍රි. පාඩු වෙනවා; නැති වෙනවා.
3. ක්‍රි. විරුද්ධ වෙනවා.
4. ක්‍රි. මුණ ගැසෙනවා; හමු වෙනවා.
තට්ටුනිවාස
නා.ප්‍ර. මහල් කීපයකින් යුතු වන සේ සාදනු ලබන වාසස්ථාන; තට්ටු ගෙවල්.
තට්ටුබෝය
නා.ප්‍ර. (ගොවි.) ගොවීන්ගේ අව්-වැසි ආවරණය; කුඩය; ඡත්රය.
තට්ටුව
1. නා. යමකින් යම් කිසිවකට හඬක් නැංවෙන සේ හෙමින් ගැසීම.
2. නා. ස්තරය; ප්‍රතානය; තලය.
3. නා. සිවිය; පටලය; පටකය; ඡවිකාව.
4. නා. කුඹුරක හෝ ගෙවත්තක හෝ බෙදාගත් කොටස.
5. (කථා.) නා. තැටිය; තැටිල්ල; පීරිසිය.
6. (කථා.) නා. බුලත් අල්ලන භාජනය; ඉලත්තට්ටුව.
7. (කථා.) නා. නොගැඹුරු පතුලක් ඇති පැතලි බඳුන; වට්ටිය.
8. නා. අල්මාරිය, රාක්කය වැනි දේවල් ඇතුළ යොදනු ලබන ඵලකය.
9. නා. කරත්ත-මේස වැනි දේවල තිරස් ව සවි කරන පෙතැල්ල.
10. නා. මාලකය; භූමකය; සොල්දරය.
තටාකය
නා. පොකුණ; විල.
තටී
වි. ජලාශ්‍රිත; තටාකයක් ඇත්තාවූ.
තටු එනවා
ක්‍රි. අහංකාර වෙනවා; උඩඟු වෙනවා.
තටුව
1. නා. පැතලි භාජනය; තළිය; තැටිය.
2. නා. තරාදි තැටිය; තරාදි දණ්ඩ දෙපස එල්ලා ඇති දෙතැටි.
3. නා. යක්ෂාදින්ට දොළ පිදේනි බලි බිලි පිළිගැන්වීම සඳහා ගොක්කොළ ආදියෙන් තනා ගන්නා පැතලි වට්ටිය.
4. නා. කුරුලු පියාපත; අත්හැන්ද.
තඩ ලනවා
ක්‍රි. බරක් තඩයෙහි ලනවා; තඩයෙහි බඳිනවා.