තණ්ඩලේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. බර කරත්තයේ ගොන් බානට ඉදිරියෙන් යොදන අතිරේක ගොනා හෝ බාන; කරත්තය සමඟ ගෙන යන ගොන් බාන.
2. නා. පාරුවක ප්‍රධානියා; පාරු නියමුවා.
3. නා. ධීවර කණ්ඩායමක ප්‍රධානියා.
4. නා. බර කරත්ත සමූහයක ප්‍රධානියා; ගැල් නායකයා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බරකරත්තයක අතිරේක ගොනා/ පාරුවක ප්‍රධානයා; පාරු නියමුවා/ ගැල් නායකයා (දෙ. தண்டல்)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bosun
2. n. cockswain
3. n. coxswain
4. Law. tindal