සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 701
තණකජු
නා.ප්‍ර. තණකොළ ගෙනයනු ලබන කද; තණ කද.
තණකලප්
නා.ප්‍ර. තණකොළ කැටිය; තණ කොළ පිඬ; තෘණ කලාපය.
තණකුර
නා. තණ (කොළ) පැළය; තෘණ අංකුරය.
තණකොන්ද
නා. තණ ගසේ කොළය; තණ පැළෑටිය; තණපත.
තණකොළ පෙත්තා
නා. පැන පැන යන්නා වූ ද තියුණු හඬ නඟන්නා වූ ද කෘමියෙක්; තණ කුරුල්ලා.
තණගබ
නා. තණකොළ ඝන ව වැඩුණු තැන; තණ ලැහැබ.
තණපස්මුල්
නා.ප්‍ර. ඊතණ, උක්, වැලුක්, රණ උණ හා ඉලුක් යන බෙහෙත් පැළෑටි වර්ග පසෙහි මුල්.
තණපැල
නා. තණ කොළවලින් ආවරණය කරන ලද කුටිය හෙවත් පැල.
තණපිටි
නා.ප්‍ර. තණ හාල් කුඩු කොට සකස් කළ පිටි.
තණබත්
නා.ප්‍ර. තණ සහලින් පිසූ බත; තණහාල් බත.
තණබැළ
නා.ප්‍ර. කුලියට තණ සපයන මෙහෙකරුවා; තණ කොළ විකුණා ජීවත් වන දාසයා.
තණබිසි
නා.ප්‍ර. (විනය.) වියළි තණකොළ යොදා තැනූ මෙට්ටය; තණ ඇතිරිය.
තණමුවා
වි. තණකොළවලින් සැදූ; තෘණයෙන් කළ; තෘණමය.
තණසාල්
නා.ප්‍ර. කුරක්කන් වැනි රන් පැහැ වටකුරු ඇට ඇති, ආහාරයට ගන්නා කුඩා ධාන්‍ය විශේෂයක්.
තණසිළ
1. නා.ප්‍ර. තණකොළය; තණපත.
2. නා.ප්‍ර. තණකොළයෙන් තනා ගත් ගිනිහුළ; තණ හුළුඅත්ත.
තණ්ඩලය
1. (කථා.) නා. බර කරත්තයේ ගොන් බානට ඉදිරියෙන් යොදන අතිරේක ගොනා හෝ බාන; කරත්තය සමඟ ගෙන යන ගොන් බාන.
2. නා. පාරුවක ප්‍රධානියා; පාරු නියමුවා.
3. නා. ධීවර කණ්ඩායමක ප්‍රධානියා.
4. නා. බර කරත්ත සමූහයක ප්‍රධානියා; ගැල් නායකයා.
තණ්ඩායුධය
නා.ප්‍ර. දණ්ඩකින් සාදා ගැනුණු ආයුධ විශේෂයක්; ගදායුධය; මුගුර.
තණ්ඩිමුණ්ඩි
(කථා.) වි. මහත් වු අත් පා ඇති; තරබාරු.
තණ්ඩිය
1. (කථා.) නා. කළවා; ඌරුව.
2. නා. සතුන්ගේ පස්සාගාතය; ගාතය.
තණ්ඩුරිණ
නා.ප්‍ර. හාල් සේදූ දිය; හාල්පානු.
තණ්ඩුල
1. නා.ප්‍ර. සහල්.
2. නා.ප්‍ර. සුන් සහල්.
3. නා.ප්‍ර. අබ ඇට දසයක බර වන මිනුමක්.
තණ්ඩුල හෝමය
නා. තෝරා ගත් සහල් ගිනිමැලයකට දැමීමෙන් කරන යාගය හෙවත් පූජා විධිය.
තණ්ඩුලඛණ්ඩක
නා.ප්‍ර. කුඩා සහල් කැබලි; කැඩුණු සහල්; සුන් සාල්.
තණ්ඩුලවාරි
නා. සහල් සේදූ දිය; හාල්පානු.