තන්ත්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශාස්ත්‍ර; විද්‍යා; ශිල්ප.
2. නා.ප්‍ර. ක්‍රම; විධි; නියම; නීති; සිද්ධාන්ත
3. නා.ප්‍ර. ආගමික ග්‍රන්ථ විශේෂයක්.
4. නා.ප්‍ර. සිවුසැට කලා ශිල්පවලින් එකක්.
5. නා.ප්‍ර. ශාස්ත්‍රීය කෘති; උසස් විද්‍යා ග්‍රන්ථ.
6. නා.ප්‍ර. වජ්‍රයානිකයන් විසින් තාන්ත්‍රික බුද්ධාගම පිළිබඳ ව ලියන ලද ග්‍රන්ථ.
7. නා.ප්‍ර. ජ්‍යෝතිශ්ශාස්ත්‍රයෙහි ග්‍රහ ගමන්, වක්‍රානුවක්‍ර ආදි ග්‍රහ ගති ප්‍රකාශ කරන ජ්‍යෝතිර් හා ගණිත විධි.
8. නා.ප්‍ර. ශාස්ත්‍රීය ආප්ත ග්‍රන්ථයක කොටස; පරිච්ඡේදය.
9. නා.ප්‍ර. අනතුරු ආදිය වැළැක්වීම සඳහා සිහි කරනු ලබන කවච වැනි ආරක්ෂක මන්ත්‍ර විශේෂයක්.
වි. ප්‍රධාන; මූලික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ශාස්ත්‍රය; විද්‍යාව/විධිය; නියමය/ එනම් ග්‍රන්ථ විශේෂය/ සූසැට කලාවන්ගෙන් එකක්; මන්ත්‍ර (සං. තන්ත්‍ර)