සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 708
තනපොම්පය
(පාරිභා.) නා. පයෝධරයෙන් කිරි අස්කර දැමීම සඳහා උපයෝගී කරගන්නා උපකරණය (=breast pump).
තනබර
නා. බරින් යුත් පයෝධර මණ්ඩලය.
තනමඬල
නා. දෙතන ඇතුළු ළය පෙදෙස; තන මඬුල්ල.
තනමා
නා.ප්‍ර. බඩදරු ලිය; ගැබිනිය.
තනය
1. නා. ස්ත්රීන්ගේ උරය මත පිහිටි ඉදිරියට නෙරූ මෘදු වූ මස්පිඬු දෙකින් එකක්; දරු පෝෂණය සඳහා කිරි එරෙන ග්‍රන්ථිය; පයෝධරය; ස්තනය.
2. නා. ක්ෂීරපායි ගණයට අයත් ගව ආදි දෙනුන්ගේ කිරිබුරුල්ල.
3. නා. කිරි.
තනයයා
නා. දරුවා; පුතා හෝ දුව.
තනවැස්ම
නා. පියොවුරු වසන වස්ත්‍රය; (භික්ෂුණින්ගේ) හැට්ට.
තන්
1. නා.ප්‍ර. තැන; ස්ථානය; භූමිය.
2. නා.ප්‍ර. තනතුර; පදවිය; ධූරය.
3. නා.ප්‍ර. තත්ත්වය; ලබා ඇති තැන.
4. නා.ප්‍ර. සම්පාදනය; පිළියෙල කිරීම.
5. නා.ප්‍ර. සලකුණ.
6. නා.ප්‍ර. ත්රිවර්ග සැපතින් එකක් වූ කම්සැප.
තන්තවායයා
නා. රෙදි වියන්නා; පේෂකාර්මිකයා.
තන්ත්වී
(පාරිභා.) වි. තන්තුමය; තන්තු සහිත.
තන්ත්වීකරණය
(පාරිභා.) නා. සිරුරේ තන්තුමය පටක සෑදීම (=fibrose).
තන්ත්ර
1. නා.ප්‍ර. ශාස්ත්‍ර; විද්‍යා; ශිල්ප.
2. නා.ප්‍ර. ක්‍රම; විධි; නියම; නීති; සිද්ධාන්ත
3. නා.ප්‍ර. ආගමික ග්රන්ථ විශේෂයක්.
4. නා.ප්‍ර. සිවුසැට කලා ශිල්පවලින් එකක්.
5. නා.ප්‍ර. ශාස්ත්‍රීය කෘති; උසස් විද්‍යා ග්රන්ථ.
6. නා.ප්‍ර. වජ්‍රයානිකයන් විසින් තාන්ත්‍රික බුද්ධාගම පිළිබඳ ව ලියන ලද ග්රන්ථ.
7. නා.ප්‍ර. ජ්‍යෝතිශ්ශාස්ත්‍රයෙහි ග්‍රහ ගමන්, වක්රානුවක්ර ආදි ග්‍රහ ගති ප්‍රකාශ කරන ජ්‍යෝතිර් හා ගණිත විධි.
8. නා.ප්‍ර. ශාස්ත්‍රීය ආප්ත ග්‍රන්ථයක කොටස; පරිච්ඡේදය.
9. නා.ප්‍ර. අනතුරු ආදිය වැළැක්වීම සඳහා සිහි කරනු ලබන කවච වැනි ආරක්ෂක මන්ත්‍ර විශේෂයක්.
වි. ප්‍රධාන; මූලික.
තන්ත්‍රඥයා
නා. කිසියම් තන්ත්රයක් හෙවත් ශාස්ත්‍රයක් පිළිබඳ දැනුම ඇත්තා; ශාස්ත්‍රධරයා.
තන්ත්රණය
නා. සංයෝගවීම; එක්වීම.යෙදීම;
තන්ත්රයාන
නා.ප්‍ර. මහායානයෙන් බෙදීගිය නිකායක්.
තන්ත්‍රි
1. නා.ප්‍ර. තත් හෙවත් කම්බි සහිත තූර්යභාණ්ඩ විශේෂය.
2. නා.ප්‍ර. වීණා නාදය; සංගීත භාණ්ඩයක තත් හෙළීමෙන් උපදනා හඬ.
තන්තිරි
1. නා. තූර්ය භාණ්ඩයක්.
2. නා. නළා විශේෂයක්.
3. නා. තන්තිරි නලාව.
තන්තිරි නැට්ට
(කථා.) නා. කෙහෙල් කැනේ අගම කොටස; දඩවහල්ල.
තන්තිරිපට
නා. තූර්ය භාණ්ඩයක්.
තන්තු සෛල
(පාරිභා.) නා. සුදු තන්තු නිපදවතැයි සලකන දිග පැතලි සෛල පටකයක් (=fibroblast).
තන්තුකලඹ
(පාරිභා.) නා. (සත්ව.) පේශි තන්තු හෝ ස්නායු තන්තු එක් වීමෙන් සැදුණු තන්තු මිටිය (=fasciculus).
තන්තුමය
වි. කෙඳි සහිත වූ; කෙඳිවලින් සෑදුණු.
තන්තුමය පටකය
(පාරිභා.) නා. කෙඳි සහිත පටකය (=fibrous).
තන්තුමය මුල්
නා.බහු. ඒකබීජ පත්‍රී පැළෑටිවල බිස්සක් මෙන් එකට සැදුණු කෙඳි මුල්.