සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 707
තදුක්ත
තදුත්පාද
[තද් + උත්පාද]
නා.ප්‍ර. එහි (පෙර සඳහන් දෙයෙහි) උත්පත්තිය; එහි පටන් ගැන්ම; එහි ආරම්භය.
තදුත්පාදක
[තද් + උත්පාදක]
වි. කලින් සඳහන් ඒ දෙය උපදවන; එය හටගන්වන; එහි උත්පත්තියට හේතු වූ.
තදුපදේශය
තදුපනිශ්රය
[තද් + උපනිශ්‍රය]
නා. එයට ඇති බලවත් හේතුව; එයට ඇති හේතු සම්පත්තිය.
තදුපාය
[තද් + උපාය]
නා.ප්‍ර. ඒ සඳහා සුදුසු ක්‍රියා මාර්ගය; ඊට යෝග්‍ය මාර්ගය.
තදුපිය
වි. ඊට සුදුසු වූ; එයට ගැළපෙන; ඊට ප්‍රමාණවත්.
තදේකට්ඨ
වි. ඒ හා එකට බැදුණු; ඒ සමඟ එක් ව පවත්නා වූ; තදේකස්ථ.
තදේකදේශ
[තද් + ඒකදේශ]
නා.ප්‍ර. එහි එක ම කොටස.
තදේකලක්ෂණ
[තද් + ඒකලක්ෂණ]
නා.ප්‍ර. එය හා සමාන ලක්ෂණ.
තන අසුව
නා. මැණික් ඔප දැමීමේ දී භාවිත වන උපකරණයක්.
තන පියල්ල
නා. පියොවුරු ආවරණය කරන රෙදි කැබැල්ල හෝ ලෝහ පට්ටය.
තන පුඬුව
නා. ක්ෂිරපායී සතුන්ගේ තනයෙහි මුදුන; ස්ත්රීන්ගේ පියොවුරු තුඩ; පයෝධරාග්රය.
තන බඩතුර
නා. පයෝධර හා බඩ අතර ශරීර ප්‍රදේශය.
තන බන්දුව
(කථා.) නා. පහත් යයි සම්මත කුල ස්ත්‍රීන් පයෝධර වසා කරේ සිට බැඳ ඇති රෙදිකඩ.
තන බුරුල්ල
නා. ගව ආදි දෙනුන්ගේ තන මඬුල්ල.
තන මියර
නා. කිහිල්ලේ සිට ඉකිළි තෙක් විහිදෙන මියර හෙවත් වැටි.
තන හස්
නා. පියොවුරු නමැති හංසයා.
තනකිරි
නා. මනුෂ්‍ය ස්ත්‍රියකගේ පියොවුරින් ලැබෙන කිරි; මවුකිරි.
තනතුර
නා. පුද්ගලයකුගේ සුදුසුකම් අනු ව දෙනු ලබන පත්වීම්; පදවිය; නිලය; ඨානාන්තරය.
තනනවා
1. ක්‍රි. සාදනවා; ගොඩ නගනවා; නිපදවනවා; හරිගස්සනවා; සකස් කරනවා.
2. ක්‍රි. සැරසෙනවා; සූදානම් වෙනවා; උත්සාහ කරනවා.
3. ක්‍රි. හදා වඩා ගන්නවා; ඇති දැඩි කරනවා.
4. ක්‍රි. (පැළ) සිටුවනවා; ඉන්දනවා; රෝපණය කරනවා.
5. ක්‍රි. වෙවුලනවා; ගැහෙනවා; පොපියනවා.
6. ක්‍රි. වටයට කරකවනවා.
තනපට
1. නා. ස්ත්රීන්ගේ පියොවුරු වසා බඳින රෙදිපට; චෝලිය.
2. නා. (දිය නෑම සඳහා) ස්ත්‍රීන් කිහිල්ලට යටින් ඇඟ වටා (ළැම පෙදෙස වැසෙන සේ) අඳින රෙද්ද.
3. (පාරිභා.) නා. ස්ත්‍රීන් උඩුකයට අඳින යට ඇඳුම.
තනපා
1. නා.ප්‍ර. තන කිරි; මව් කිරි.
2. නා.ප්‍ර. කිරිබොන වයසේ දරුවා; ළදරුවා.
තනපුවා
නා. කිරි බී වැඩෙන්නා; ක්ෂීරපායි සත්ත්වයා.