සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 706
තදරොම්
නා.ප්ර. ඌරා; සූකරයා.
තදස්ථව
ක්රි.වි. එහිම පිහිටා; එහිම ඇලී.
තදහුජාත
වි. එම දිනයෙහි බිහි වූ; එදවස උපන්.
තද්
සර්ව. ඒ (කලින් කියවුණු); එම; තත්.
තද්ගුණාධ්යාරෝපණය
[තද්ගුණ + අධ්යාරෝපණය]
නා. යම් වස්තුවක දක්නා ලැබෙන ගුණය වෙනත් වස්තුවකට ආරෝපණය කර දැක්වීම.
තද්ධිත
නා.ප්ර. (ව්යාක.) නාමයකින් පර ව අර්ථවත් ප්රත්යය යෙදීමෙන් සාදා ගන්නා ද්විතීයික නාමය.
තද්ධේතුක
[තද් + හේතුක]
වි. ඊට හේතු වූ; එයට කාරණ වූ.
තද්භව
වි. සංස්කෘත, පාලි, ආදි අන්යභාෂාවන්ගෙන් සිංහලයට බිඳී ආවා වූ.
නා.ප්ර. අන්ය භාෂාවකින් සිංහලයට බිඳී ආ ශබ්ද ප්රකෘතිය හෝ ධාතු ප්රකෘතිය.
තද්භාවය
(පාරිභා.) නා. (දර්ශන.) යමක් එහි ස්වභාවය අනු ව එසේ පැවතීම.
තදාකාර වෙනවා
ක්රි. ඒ අයුරු වෙනවා; ඒ ස්වරූපය ගන්නවා; ඒ ආකාරයට පත්වෙනවා.
තදාකාරය
තදාගත
වි. ඉන් පැමිණී; එයින් ආවාවූ.
තදාදීනව
[තද් + ආදීනව]
නා.ප්ර. එහි අයහපත් ප්රතිඵල; ඒ ක්රියාවෙහි විපාක.
තදාධාර
[තද් + ආධාර]
නා.ප්ර. (කලින් සඳහන් දෙය) උසුලා හෝ දරා සිටින දෙය; එයට උපකාර හෝ උපස්තම්භක වන්න; එයට රුකුල් වන්න.
තදානීන්තන
වි. ඒ කාලයේ වාසය කළ; එකල විසූ.
තදාලම්බන
නා.ප්ර. සිත අරමුණෙහි එල්බ ගැනීම.
තදාලම්බන කෘත්යය
නා. (අභි.) ජවන සිතෙහි එල්ලී ගත් අරමුණු ගැනීම.
තදාලම්බන චිත්තය
නා. (අභි.) ජවනයේ අරමුණ ම ගනිමින් ඉන් අනතුරු ව පහළ වන සිත; තදාරම්මණය; තදාලම්බනය.
තදාශ්රය
තදාසන්න
තදිතර
තදින්ද්රිය
තදියම
නා. බලවත් ඉක්මන්කම; හදිසි කලබලය; ඕනෑවට වැඩි ඉක්මන.
තදීය
1. වි. එයට, (එනම් කලින් සඳහන් දෙයකට) අයත්; එය හා සම්බන්ධ; ඒ පිළිබඳ.
2. වි. ඔහුට අයත්; ඔහු හා සම්බන්ධ.