සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 705
තද වතුර
1. නා. කඨින ජලය.
2. නා. වේගවත් ව ගලා බස්නා ජලස්කන්ධය.
තද වැද්දුම
නා. ඇණයක් දැඩි ලෙස ගසා අවසන පැත්තට නමා තද වන්නට සැලසීම.
තද වෙනවා
1. ක්රි. මොළොක් බව නැතිවෙනවා; දැඩි වෙනවා; ඝන වෙනවා.
2. ක්රි. මුරණ්ඩු වෙනවා; දරුණු වෙනවා.
3. ක්රි. වැඩි වෙනවා; අධික වෙනවා; උණු වෙනවා; නරක අතට හැරෙනවා.
4. ක්රි. කේන්ති යනවා.
තදඞ්ග
නා. ලෝභාදි ක්ලේශයන් දුරුවීමට නිසි අනිත්ය දුක්ඛාදිය සිහි කිරීම පිණිස යොදා ගන්නා උපාය.
තදඞ්ග ප්රහාණය
නා. අලෝභාදි කූසලයන්ගෙන් ලෝභාදි අකුසලයන් දුරු කිරීම.
තදඞ්ග විවේකය
නා. කාමයන්ගෙන් හා ක්ලේශයන්ගෙන් සිත තාවකාලික ව වෙන්වීම.
තදනත්තර
[තද් + අනන්තර]
වි. කලින් සඳහන් යමකට පසු ව වූ; ඉන් අනතුරු වූ; ඊළඟ.
තදන්තෝගධ
[තද් + අන්තෝගධ]
වි. එය අන්තර්ගත වූ; කලින් සඳහන් යමක් ඇතුළත් වූ.
තදන්ය
[තද් + අන්ය]
වි. එයින් පිටස්තර; ඉන් අන්ය වූ; ඒ දෙයින් වෙනස් වූ; ඉන් බාහිර වූ.
තදනුකූල
තදනුගාමී
[තද් + අනුගාමී]
වි.එය අනු ව යන; තදනුගාමිනී (කලින් සඳහන් යමක් හා සම්බන්ධයි).
තදනුරූප
[තද් + අනුරූප]
වි. එයට, එනම් කලින් සඳහන් ක්රමයෙන් හෙවත් අනුපිළිවෙළින් පවත්නා දෙය.
තදනුලෝමය
[තද් + අනුලෝමය]
නා. එනම් කලින් සඳහන් ක්රමයෙන් හෙවත් අනුපිළිවෙළින් පවත්නා දෙය.
තදනුවර්තක
[තද් + අනුවර්තක]
වි. කලින් සඳහන් යමක් අනු ව පවත්නා වූ; ඊට අනුකූල වන.
තදපද
නා.ප්ර. තේරුම් ගැනීමට අමාරු පද; දුරවබෝධ වචනය; ගැඹුරු වචන.
වි. ඉතා බරපතල; දැඩි.
තදපරුෂ
වි. ඉතා රළු; අති කර්කශ.
තදපියොවු
නා.ප්ර. තද ගතිය; දැඩිබව; රළු පැවැත්ම; පරුෂ බව.
තදබද
1. වි. දැඩි; බලවත්; උග්ර.
2. වි. ඉතා තද; සැර පරුෂ; රළු.
තදබදය
නා. හිරවීම; අවහිරය; ඉඩකඩ ඇහිරීම.
තදභිප්රාය
[තද් + අභිප්රාය]
නා.ප්ර. එහි (එනම් කලින් ප්රකාශ කළ දෙයෙහි) අදහස.
තදමන්
නා.ප්ර. බොහෝ වූ මානය; මහත් උඩඟුකම.
තදයා
නා. දැඩි සිත් ඇත්තා; දරුණු පුද්ගලයා; ලොකුකම පෙන්වන්නා.
තදර්ථ
[තද් + අර්ථ]
නා.ප්ර. එම අරුත; ඒ අදහස.
තදර්ථ සාධනය
නා. ඒ අර්ථය සිදු කිරීම; ඒ අරමුණ ඉටුවීම.