සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 704
තත්රස්ථ
වි. එහි සිටි; එහි පිහිටි; එහි වූ.
තතිය
නා. පඞ්ක්තිය; ශ්රේණිය; පරම්පරාව; රාශිය.
වි. තෘතිය; තෙවැනි.
තතුරු
1. නා.ප්ර. දුන්නෙහි ලණුව; දුනුදිය.
2. නා.ප්ර. ගොනු කරන ලද කරුණු සමූහය.
තතුව
1. නා. යම් කිසිවක ඇති සැටිය; තත්වය; ස්වභාවය; තොරතුරු; පුවත.
2. නා. සැබෑව; සත්යය.
3. නා. පරමාර්ථය.
තථ
වි. සැබෑ වූ; සත්ය වූ; නිවැරදි; අවිපරීත.
තථතා
නා.ප්ර. සත්ය ස්වභාවය; නොවෙනසවන ස්වභාවය; නිර්වාණය.
තථධර්මය
නා. චතුරාර්ය සත්යය; සත්ය වූ ධර්මය.
තථභාවය
නා. සත්ය ස්වභාවය; ඒ ආකාරයෙන් ම වන බව.
තථය
නා. සත්යය; නොවරදින දෙය; ආර්ය සත්යය.
තථ්ය
වි. ඇති සැටි; සැබෑ; සත්ය; අව්යාජ.
තථ්ය ගවේෂණය
නා. ඇත්ත සොයා බැලීම; තතු විමසීම.
තථ්යතාව
1. (පාරිභා.) නා. සැබෑබව; නියම තත්ත්වය.
2. (දර්ශන.) නා. පවතින්නට පුළුවන් කම තිබීම නොව අවකාශයෙහි හා කාලයෙහි ඇත්ත වශයෙන් පැවතීම.
තථ්යධර්මය
නා. යථා ස්වභාවය ප්රකට කරන දහම; සත්ය ධර්මය; සත්ය වශයෙන් පිළිගත් කාරණය.
තථ්යය
නා. සැබෑව; සත්යය; සත්ය තත්ත්වය.
තථ්යලෝකය
නා. පෙනෙන ලෝකය නොව ඇත්ත වශයෙන් පවතින ලෝකය.
තථා
ක්රි.වි. එසේ; වෙනත් සැටියක් නොවන.
තථාකාරී
වි. එසේ කරන; කියූ සැටියෙන් ම කරන.
තථාගත
නා.ප්ර. පෙර තථාගත මුනිවරුන් ගිය මඟම යන බුදුරජාණන් වහන්සේ.
තථාගත බල
නා.බහු. ෂට්දන්ත හස්තීන් දස දෙනකුගේ බලයට සම වූ බුදුන්වහන්සේගේ කායබල වූ හා දස ස්ථානයක අකම්ප්ය වූ ඥානබල යන වශයෙන් බුදුරජාණන් වහන්සේට පමණක් ඇති බලය.
තථාගත ලක්ෂණය
නා. තථාගත ස්වරූපය; බුද්ධ භාවය.
තථාගත ශය්යාව
1. නා. බුදුවරයන්ගේ සැතපීම් විලාසය; බුදුරජාණන්වහන්සේට පමණක් අයත් වූ චතුර්ථධ්යාන ශය්යාව.
2. නා. චතුර්විධ සැතපීම්වලින් එකක්.
තථාභූත
වි. එසේ වූ; එබඳු වූ.
තද
1. වි. බුරුල් නැති; මොළොක් නොවූ; දැඩි.
2. වි. (සිත) මෘදු නොවන; අනුකම්පා නොකරන.
3. වි. ස්ථිර; අචල; අදිටනින් යුතු.
4. වි. අධික; බොහෝ; මහත්.
5. වි. සැර; සැඬ; චණ්ඩ.
6. වි. දරුණු; නපුරු; ක්රෑර; රළු; ඵරුෂ.
7. වි. බලවත්; බලසම්පන්න; වේගවත්.
8. වි. අමාරු; දුෂ්කර; ගැටලු සහිත.
තද කරනවා
1. ක්රි. බුරුල නැති වන සේ සවිකරනවා; ලිහිල් බව නැති කරනවා.
2. ක්රි. තෙරපනවා; ඔබනවා; හිර කරනවා.
3. ක්රි. වැඩි කරනවා.