සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 709
තන්ද්රාව
1. නා. නිදිමත.
2. නා. සෙම්රෝගයක්; තෙමරිය.
තන්දි
නා.ප්ර. ක්රියාශීලී නොවන බව; මැළිබව; ආලස්යය.
තන්දිමුක
නා.ප්ර. ඇත්මුහුණක් ඇත්තා; ගණදෙවියා.
තන්දිරම
(කථා.) නා. උපාය; කපටිකම; රැවටිල්ල; ප්රයෝගය.
තන්දිරි
(කථා.) නා.ප්ර. කිසියම් රාජ්ය නිලයක් දරන්නා; කිසියම් කාරියක් බාර නිලමේ හෙවත් ඇමැත්තා.
තන්නාසේ
නා. දැඩි ආසාව; බලවත් තෘෂ්ණාව.
තන්නික්කාලය
(කථා.) නා. (දේවාල ආදියෙහි) පඬුරු කාසි එකතු කරන භාජනය හෝ කැටය.
තන්පත්
1. වි. තැනට පැමිණි; ස්ථානය ගත්.
2. වි. නොසැලෙන; ස්ථාවර.
තන්පත් කරනවා
ක්රි. පිහිටුවනවා; ස්ථාවර කරනවා; ස්ථිර කරනවා.
තන්මාත්රය
නා. පැවැත්මේ කුඩා ම ඒකකය (=monad).
තන්මුඛයෙන්
[තද් + මුඛයෙන්]
ක්රි.වි. ඒ හේතුකොටගෙන; ඒ අනුසාරයෙන්.
තන්මූලක
වි. එය මුල් කොට ඇති.
තන්වාවා
නා. රෙදි වියන්නා; වස්ත්ර තනන්නා; පෙහෙකරුවා.
තන්වැසි
1. වි. ස්ථානවාසි; නිත්යවාසී වූ; ආගන්තුක නොවූ.
2. වි. පළපුරුදු; හුරුබුහුටි; දක්ෂ.
3. වි. කපටි.
තන්ය
(පාරිභා.) වි. ඇදෙනසුලු; දික්ගැස්සිය හැකි; සිහින් කළ හැකි (=ductility).
තනි
1. වි. එකකු හෝ එකක් පමණක් වන; හවුලට අන්කිසිවකු නැති; එකලා; කේවල.
2. (කථා.) වි. අමිශ්ර; කළවම් නැති.
තනි අයිතිය
නා. යමක් පිළිබඳ ව කැමැත්තක් කිරීමට එක් පුද්ගලයකුට හෝ පිරිසකට පමණක් ඇති හිමිකම; බලය හෝ වරප්රසාදය; ඒකාධිකාරය.
තනි කරනවා
ක්රි. තනියම ඉන්නට සලස්වනවා; හුදෙකලා බවට පත් කරනවා.
තනි කොටුව
නා. එක් අයකුට අයිති හේන් කොටස.
තනි තණ්ඩල්
1. (කථා.) වි. අවිවාහක; තනිකඩයා වූ.
2. වි. අසරණ; අනාථ.
තනි ප්රයෝජනය
(පාරිභා.) නා. එක් අයකුගේ (හෝ කණ්ඩායමක) පමණක් පාවිච්චිය සඳහා යැයි කරනු ලබන නියමය (=exclusive use).
තනි පොරය
නා. ප්රතිමල්ලවයන් දෙදෙනකු පමණක් අතරේ සිදුවන සටන.
තනි බිල
නා. තනි පුද්ගලයකු බැංකුවක් සමග කරන ගනුදෙනු වෙනුවෙන් නිකුත් කරන බැංකු නිවේදන පත්රය.
තනි බුක්තිය
නා. එක පුද්ගලයකු විසින් පමණක් ප්රයෝජන ගැනීම; තනි ව භුක්ති විඳීම.