අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 130
තන පුඩුව
නා. පියයුරු තුඩ; පයෝධරාග්රය
තනතුර
නා. පදවිය; නිලය (සං. ස්ථානාන්තර)
තනනවා
1. ක්‍රි. කම්පනය කරනවා; සිසාරනවා (පා. සං. තනොති) 2. සාදනවා/ සැරසෙනවා
තන්ත්ර
නා.ප්‍ර. ශාස්ත්‍රය; විද්‍යාව/විධිය; නියමය/ එනම් ග්රන්ථ විශේෂය/ සූසැට කලාවන්ගෙන් එකක්; මන්ත්‍ර (සං. තන්ත්ර)
තන්ත්රයානය
නා. මහායානයෙන් බෙදී ගිය නිකායක නාමය
තන්තුව
නා. නූල; කෙන්ද; තත (පා. සං. තන්තු)
තන්වැසි
වි. ස්ථානවාසී/ තැනට සුදුසු/ දක්ෂ
තනිකඩ
වි. අවිවාහක
තනිපංගලමේ
ක්‍රි.වි. හුදෙකලාව
තනිය
නා. හුදෙකලාව; පාළුව (දෙ. தனி)
තනු
නා.ප්‍ර. ශරීරය (පා. සං. තනු)
තනුක
වි. උකු නොවූ; දියාරු (සං. තනුක)
තනුව
නා. නාද රටාව; ගීතයක ස්වරමාලාව (ඉං. tune)
තනූකරණය
නා. තුනී කිරීම; යටපත් කිරීම; ශක්ති හීන කිරීම (සං. තනූකරණ)
තපශ්චර්යාව
නා. තපස් රැකීම; තාපසව්රතය (සං. තපශ්චර්යා)
තපස
නා. කෙලෙස් තැවීම; දුෂ්කර හැසිරීම/ උෂ්ණය; තැවීම (සං. තපස්)
තප්පුලනවා
ක්‍රි. තපුලනවා
තපුලනවා
ක්‍රි. ගොනුන් හඬ තළනවා
තපෝගුණය
නා. ලෝභාදී කෙලෙසුන් නසන ගුණය (සං. තපොගුණ)
තපෝධන
වි. තපසෙහි නියැළි; තවුස්දම් රකින (සං. තපොධන)
තපෝනිශ්රිත
වි. තපසෙහි ඇලුණු; තවුස්දම් රැකීමෙහි යෙදුණු
තපෝව්‍රතය
නා. තවුස්වත; තාපස චර්යාව (සං. තපොව්රත)
තපෝවෘද්ධ
වි. තපසින් වැඩිහිටි; ශීලයෙන් ජ්‍යෙෂ්ඨ (සං. තපොවෘද්ධ)
තම්පලා
නා.ප්‍ර. කෑමට ගන්නා පලා වර්ගයක නාමය