තවලම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (ගව, ඔටු, කොටළු ආදි) සතුන් පිට බඩු පටවා ගෙන තැනින් තැනට යන වෙළඳ කණ්ඩායම.
2. නා. සතුන් පිට පටවා ගෙන වෙළඳාමට ගෙන යන බඩු මලු; තවලම් පළ; තවලම් වෙළඳුන් නවාතැන් ගන්නා සේම භාණ්ඩ හුවමාරුවෙහි නොහොත් වෙළඳාමෙහි යෙදෙන තැන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සතුන් පිට බඩු ගෙන යන වෙළඳ කණ්ඩායම