අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 132
තල්ලුව
නා. ඉදිරියට හෝ පසුපසට යෙදෙන නෙරපුම/ රුකුල; පෙලඹවීම (දෙ. தள்ளு)
තලාඳය
නා. හරස් කඳ; බාල්කය
තලාව
නා. සම වූ මතු පිටක් සහිත දෙය; තැන්න; සානුව (පා. ථල සං. ස්ථල)
තලිය
නා. බඳුන; පාත්‍රය/පිඬ (පා. ථාලි සං. ස්ථාලි)
තලු
1. නා.ප්‍ර. මුඛයේ උඩ පැත්ත හෝ යටි පැත්ත; තල්ල (පා. සං. තාලු) 2. කුඩා පාත්‍රය; තැටිය (පා. ථාලක)
තලෙළලු
වි. පාහින ලද තලවල පැහැය ඇති; ලා දුඹුරු
තවරනවා
ක්‍රි. ගානවා; ආලේප කරනවා/ සිත්තම් කරනවා
තවලම
නා. සතුන් පිට බඩු ගෙන යන වෙළඳ කණ්ඩායම
තවාන
නා. පැළ බෝ කර ගැනීමට සකස් කළ පාත්තිය
තහංචිය
නා. යම් යම් දේ වැළැක්වීම; නිෂේධය; තහනම් කිරීම
තහනම
නා. යමක් නොකරන සේ පනවන නියමය; වාරණය
තළන බටු
නා. ඖෂධීය ගුණයෙන් යුත් කුඩා බටු විශේෂයක නාමය
තළනවා
ක්‍රි. යම් දෙයක් පැතලි බවට පත් කිරීමට මිටියක් වැනි දෙයකින් පහර දෙනවා/ ගුටි බැට දෙනවා/ රිදවනවා (පා. තාළෙති සං. තාඩයති)
තළා
නා.ප්‍ර. ජලාශය; පොකුණ; වැව; විල (පා. තළාක සං. තටාක, තඩාග)
ත්වරණය
නා. වේගය වැඩි වීම (සං. ත්වරණ)
ත්යක්ෂර
වි. අක්ෂර තුන (සං. ත්යක්ෂර)
ත්‍යාග ප්රදානය
නා. තෑගි පිරිනැමීම
ත්‍යාග ප්රදානෝත්ස්වය
නා. තෑගි පිරිනැමීමේ උලෙළ
ත්‍යාගලාභී
වි. තෑගි ලබන; තෑගිවලට හිමිකම් ලැබූ
ත්‍යාගශීලී
වි. තෑගි දෙනසුලු; ත්‍යාගවන්ත
ත්‍රයත්‍රිංශත්
නා.ප්‍ර. තව්තිසා දෙව්ලොව/ තිස්තුන (සං. ත්රයස්ත්රිංශත්)
ත්රයෝදශ
වි. දහතුන් වන; තෙළෙස් වන
ත්‍රස්ත
වි. බියපත්; තැතිගත් (සං. ත්‍රස්ත)
ත්‍රස්තවාදය
නා. බිය ගැන්වීම ආදි නීත්‍යනුකූල නොවන ක්‍රම මගින් දේශපාලන අරමුණු ඉටු කර ගැනීමේ වැඩපිළිවෙළ