අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 133
ත්‍රාසය
නා. තැති ගැන්ම; බිය (සං. ත්‍රාස)
ත්‍රිකාස්ථිය
නා. කටීකශේරුකාවන්ට සම්බන්ධ වන ත්‍රිකෝණාකාර අස්ථි පංචකය
ත්රිකූටය
නා. පුරාවෘත්තයන්හි සඳහන් පර්වතයක නාමය/ මුදුන් තුනක් ඇති කුළ
ත්‍රිකෝටික පාරිශුද්ධ
වි. තුන් කෙළවරකින් හෙවත් කාරණා තුනකින් පිරිසිදු වූ (පා. තිකොටි පරිසුද්ධ)
ත්‍රිකෝණය
නා. ඍජු රේඛා තුනකින් සීමා කෙරෙන කෝණ තුනක් සහිත තල රූපය (සං. ත්‍රිකොණ)
ත්‍රිත්ව
වි. පිතා, පුත්‍ර, ශුද්ධාත්ම යන තිදෙනා වහන්සේ සම්බන්ධ/ තුනක් වූ (සං. ත්‍රිත්ව)
ත්‍රිතුණ්ඩ කපාටය
නා. හෘත් කෝෂිකාවෙන් රුධිරය හෘත් කර්ණිකාව කරා පෙරළා යෑම වළක්වන කපාටය
ත්රිදශ
නා.ප්‍ර. දහයේ ඒකක තුන; ගණ දේවතාවන් තිස්තුන් දෙනා/ තව්තිසාව (සං. ත්රිදශ)
ත්‍රිපිටකය
නා. සූත්‍ර, විනය, අභිධර්ම යන බුද්ධ ධර්මයේ කොටස් තුන
ත්‍රිපෝෂ
නා. ධාන්‍ය පිටි මිශ්‍ර කොට සාදාගන්නා පෝෂ්‍යදායී ආහාරයක්
ත්රිඵලාරිෂ්ටය
නා. අරළු, බුළු, නෙල්ලි යන ඖෂධ ඵලයන් යොදා සකස් කළ පෙරාගත් ඖෂධ සංයෝගය
ත්‍රිභාෂා
නා.බහු. භාෂා තුන (සං. ත්‍රි+භාෂා)
ත්‍රිභුවන
නා.ප්‍ර. ලෝක තුන
ත්‍රිභූමක
වි. තෙමහල්/ කාම, රූප, අරූප යන තුන් භූමියෙහි උපදනා (සං. ත්‍රිභූමක)
ත්‍රිමණ්ඩලය
නා. දෙදණ හා නාභිය යන මණ්ඩල තුන (සං. ත්‍රිමණ්ඩල)
ත්‍රිමාන
වි. දිගින්, පළලින් හා උසින් යුක්ත
ත්රිලක්ෂණය
නා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලකුණු තුන (සං. ත්රිලක්ෂණ)
ත්‍රිවිධ
වි. තුන් ආකාර; තෙවැදෑරුම්
ත්‍රිශූලය
නා. උල් තුනකින් යුත් අනින ආයුධයක නාමය/ ඊශ්වර දෙවියන්ගේ අවිය (සං. ත්‍රිශූල)
ත්‍රිසිංහලය
නා. රුහුණු, මායා, පිහිටි යන පාලන ප්‍රදේශ තුනෙන් යුත් ලංකාද්වීපය; ශ්‍රී ලංකාව
ත්‍රිසිංහලාධීශ්වර
නා.ප්‍ර. රුහුණු, මායා, පිහිටි යන ප්‍රදේශ තුනින් යුත් ලංකාවේ අධිපති
ත්‍රෛකාලික
වි. අතීත, වර්තමාන, අනාගත යන කාල තුනට අයත් (සං. ත්‍රෛකාලික)
ත්‍රෛභාෂික
වි. භාෂා තුනට අයත්
ත්‍රෛලෝක්‍ය
නා.ප්‍ර. තුන් ලොව (සං. ත්‍රෛලොක්‍ය)