අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 134
ත්‍රෛවාර්ෂික
වි. තෙවසරක් පාසා (සං. ත්‍රෛවාර්ෂික)
තාක්ෂණය
නා. ශිල්පීය ක්‍රමය
තාක්ෂණික
වි. කිසියම් කලාවක් හෝ ශිල්පයක් හෝ පිළිබඳ වූ; කලා ශිල්පීය; කාර්මික
තාඩනය
නා. තැළීම; ගුටි බැට දීම; පෙළීම; පීඩාව (සං. තාඩන)
තාණ්ඩව
නා.ප්‍ර. නෘත්‍ය විලාසයක නාමය; පුරුෂ පක්ෂය සඳහා වූ නැටුම (සං. තාණ්ඩව)
තාත්ත්වික
වි. තත්ත්වය පිළිබඳ වූ; යථා ස්වභාවයෙන් යුත් (සං. තාත්ත්වික)
තාදි ගුණය
නා. අටලෝ දහමින් නොසැලෙන ගුණය
තාන
1. නා.ප්‍ර. තැන; ස්ථානය/ තනතුර (සං. ස්ථාන) 2. ගීයක් අලංකරණය සඳහා යොදා ගන්නා ස්වර සමූහය (සං. තාන)
තානම
නා. ගීයක නාද ස්වරූපය දක්වන ශබ්ද මාලාව (දෙ. தாளம்)
තානායම
නා. සංචාරයක දී තාවකාලික ව නවාතැන් ගන්නා තැන (දෙ. தாணையம்)
තාප විකිරණය
නා. තාපය විහිදී යෑම
තාප සම්ප්‍රේෂණය
නා. තාපය ගමන් කරවීම
තාපතීව්රතාව
නා. තාපයේ ප්‍රබලතාව
තාපනය
නා. අධික උෂ්ණයෙන් රත් කිරීම/ කනගාටුව; සිත් තැවුල/ කෙලෙස් මර්දනය (පා. සං. තාපන)
තාපප්රසාරණය
නා. තාපය නිසා වස්තුවක දිග හෝ පළල වැඩි වීම
තාපාංශකය
නා. ආහාර දහනය වීමේ දී ඇති වන තාපය මැනීමේ ඒකකය; කැලරිය
තාම්බූල
නා.ප්‍ර. බුලත් (පා. සං. තාම්බූල)
තාම්ර
නා.ප්‍ර. ලෝහ වර්ගයක නාමය; තඹ (සං. තාම්ර)
තාම්රපර්ණී
නා.ප්‍ර. තම්බපණ්ණි (සං. තාමප්රර්ණී)
තාරණය
නා. එතෙර කරවීම (සං. තාරණ)
තාරතාව
නා. හඬ උස් පහත් වීමේ දී ඇති වන ස්වරයේ ගුණය
තාර්කික දෘෂ්ටිය
නා. තර්කයෙන් බැස ගන්නා නිගමනය අනුව ඇති කර ගන්නා දෘෂ්ටිය
තාරානාථ
නා.ප්‍ර. සඳ; චන්ද්‍රයා
තාරාමණ්ඩලය
නා. ඇසේ දෘෂ්ටි විතානයට පිටුපසින් පිහිටි කනිනිකාව (සං. තාරාමණ්ඩල)