තාන

tāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තැන; ස්ථානය.
2. නා.ප්‍ර. තනතුර; පදවිය; නිලය.
3. (සංගී.) නා.ප්‍ර. යම්කිසි ගීතයක් ආරෝහණාවරෝහණ ක්‍රමයෙන් විස්තර කිරීම් වශයෙන් අලංකාර කරනු පිණිස යොදනු ලබන ස්වර සමූහය.
4. (පාරිභා.) නා.ප්‍ර. ශරීරයේ (විශේෂයෙන් ම මාංස පේශිවල) පවතින දැඩිබව; ප්‍රත්‍යාස්ථාව.
වි. තනන; ලෙල දෙන; කම්පනය වන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තැන; ස්ථානය/ තනතුර (සං. ස්ථාන) 2. ගීයක් අලංකරණය සඳහා යොදා ගන්නා ස්වර සමූහය (සං. තාන)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. රක්ෂා ස්ථානය, සැඟවියයුතු තැන, නිවන (පි. 305)

Digital Pāḷi Dictionary